Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2021 18:28:46 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව උපකරණ මාස්ටර් ජෙනරල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 30 වන උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස මේජර් ජෙනරල් සමන්ත සිල්වා සදුදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් කාර්යාලයේදී පැවති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.

උපකරණ මාස්ටර් ජෙනරල් සිය කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සුභ මොහොතින් නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තේය.

මේජර් ජෙනරල් සමන්ත සිල්වා නව උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම 22 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය.

උපකරණ මාස්ටර් ජෙනරල් ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ලෙස රාජකාරි භාරගැනිමෙන් පසු මේජර් ජෙනරල් සමන්ත සිල්වා මෙම තනතුරට පත්විය.  

එම අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාව යටතේ ඇති ශාඛාවන්වල අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.