Header

Sri Lanka Army

Defender of the Nation

21st July 2021 10:24:59 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට පාතබන මේජර් ජෙනරල් ටිකිරි දිසානයකට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සූභාෂිංශන

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සදුදා (19) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

මෙහිදි දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සිදුකළ අනගි සේවය යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක් කළේය. 

ශ්‍රී ලංකා කාලතුවක්තු රෙජිමේන්තුවේ අභීත නිලධාරියෙකු වන මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සිය වෘත්තීය දිවිය තුල ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් මෙන්ම යුද්ධ හමුදාවේ ප්‍රධාන තනතුරු රැසක් ද හොබවා ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

මෙම සුහද හමුවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරල් ටිකිරි දිසානායක 65 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරීන් කළ කාල සීමාව තුළ සිවිල් ප්‍රජාව වෙනුවෙන් දියත්කරනු ලැබු ප්‍රජාසත්කාරක වැඩසටහන් සහ පුහුණු වැඩසටහන් පිළිබදව ද අගය කළේය.

“යුද්ධ හමුදාවේ ඉහළම නිලයක්වන මේජර් ජෙනරල් නිලයට උසස්වීම ලැබ ඇති ඔබ යුද්ධ හමුදා දිවිය තුළ ඉතා උසස් මට්ටමේ රාජකාරින් රැසක් ඉටුකර අත්දැකීම් සහ වටිනාකම්වලින් පරීපූර්ණව යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන වාසනාවන්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එබැවින් ඔබගේ අනාගතයද එලෙස සාර්ථක කරගැනීම සඳහා එම පන්නරයන් ඔබගේ සමාජ ජීවීතයට ද උපයෝගී කර ගන්නා ලෙස” යුද්ධ හමුදාධිපතිතුමන් සඳහන් කළේය.

65 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හෙඹවීමට ප්‍රථම මේජර් ජෙනරල් ටිකිරි දිසනායක සුභසාධන අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 594, 561, 521 සහ 523 යන බලසේනාවන්වල බලසේනාධිපති ලෙසත්, 2009 මැයි මාසයට පෙර පැවති මානුෂීය මෙහෙයුම් කාලසීමාව තුළ 57 වන සේනාංකයේ මාණ්ඩලික නිලධාරී I සහ 10 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලෙසත් රාජකාරි කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් සිය ස්තූතිය පුදකළ විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ටිකිරි දිසානායක සිය රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් පිළිබඳව ද මෙහිදි සිය කෘතඥතාවය පිරිනැමුවේය.

මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සේවය ඇගයීමක් ලෙස විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ටිකිරි දිසානායක වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.