Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 18:54:26 Hours

යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් - හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු අරඹයි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් 2021 ජනවාරි මසයේ මැදිරිගිරිය ප්‍රදේශයේ සිදුකල ‘ගම සමඟ පිලිසඳර’ 6 වන වැඩසටහනේදී හිඟුරක්ගොඩ රජරට විද්‍යාලයේ සිසුන්, ගුරුභවතුන් සහ දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීමටක අනුව පාසල් ක්‍රිඩාපිටිය ප්‍රතිසංස්කරණය කිරීම, පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම, ක්‍රිඩා මණ්ඩපයක් ඉදිකිරීම සහ විද්‍යාලයේ ජලාපවහන පද්ධතිය ඉදිකිරීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත උපදෙස් ලබාදුන්නේය.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉංජිනේරු භටපිරිස් යොදවා මෙම ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු හා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර වෙත උපදෙස් ලබාදුන්නේය.

ඒ අනුව, 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 12 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් මේ වනවිට සිදුකරමින් පවතින මෙම ඉදිකිරිම් කටයුතු ඉදිරි සති කිහිපය තුල අවසන් කිරීමට අපේක්‍ෂා කරති. ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලිම සඳහා පසුගියදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති එම පාසල් පරිශ්‍රය වෙත පැමිණියේය.