Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 20:21:00 Hours

එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් මුලස්ථානයේ නැගෙනහිර ආඥාපති දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සංචාරයක

දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් මුලස්ථානයේ නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරාල් දීපාක් කුමාර් බනියා (Brigadier General Deepak Kumar Baniya) ඉකුත් බ්‍රහස්පතින්දා (01) දින ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායම රාජකාරි කරනු ලබන දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සංචාරයක නිරත විය. රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ජෙනරාල් දීපාක් කුමාර් බනියා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරාල් දීපාක් කුමාර් බනියා (Brigadier General Deepak Kumar Baniya) දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ ප්‍රධාන දොරටුව අභියසදී රෝහලේ අණදෙන නිලධාරී කර්නල් ඩි.ආර්.එස්.ඒ. ජයමාන්න විසින් පිළිගැනීමෙන් අනතුරුව රෝහල් කාර්යමණ්ඩලය හඳුන්වාදෙන ලදී.

වර්ෂ 2014 මැයි මාසයේ සිට ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායම රාජකාරි කරනු ලබන දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ කාර්යභාරය හා වගකීම් පිළිබඳ අණදෙන නිලධාරී විසින් නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරාල් දීපාක් කුමාර් බනියා (Brigadier General Deepak Kumar Baniya) දැනුවත් කිරීමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, සියලුදෙනා අමතමින් රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩයමට ප්‍රශංසා කල නැගෙනහිර ආඥාපති රෝහල් සියලු අංශවල නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.

දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක වෛද්‍ය කණ්ඩායම හදිසි ප්‍රතිකාර කටයුතු සිදුකිරීම, කොවිඩ්-19 වෛසය පැතිරීම වැළැක්වීම සහ දකුණු සුඩානයේ බෝර් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ සුහදව කටයුතු කිරීම සඳහා සිය දායකත්වය දක්වනු ලබයි. දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ සංචාරයක නිරත නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් ජෙනරාල් දීපාක් කුමාර් බනියා (Brigadier General Deepak Kumar Baniya) විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබීය.