Header

Sri Lanka Army

Defender of the Nation

23rd April 2021 21:32:40 Hours

ඉදිරි සති අන්තයේදී සංචරනයන් සීමාකරන ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මහජනතාවගෙන් ඉල්ලයි

කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහල යෑමත් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23) දින විශේෂ ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් අදහස් දැක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හැකි තාක් දුරට තම නිවෙස්වලට වී සිටින ලෙසත්, ඉදිරි සති අන්තයේ දී සංචරනයන් සීමා කරමින් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොවිඩ් – 19 පාලනය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාව අමතමින් “සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී මහජනතාවගෙන් කොටසක් වගකීම් විරහිත හැසිරීම හේතුවෙන් දිනකට හමුවන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව හදිසියේ විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් උද්ගතව ඇති මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ඇදිරිනීතිය පැනවිමට තීරණය කර නැති බව හා මේ වන විට කුලියපිටිය සහ කුරුණෑගල යන ප්‍රදේශවල සංචරන සීමා පනවා ඇති බව සඳහන් කළ එතුමා ආසාදිතයින් සංඛ්‍යාව අනපේක්‍ෂිත ලෙස ඉහල යෑමක් සිදු වූවහොත් පමණක් එම ප්‍රදේශයන් තුළ සංචරන සීමා පැනවීමට ක්‍රියාකරන බවට ද සඳහන් කළේය.

“ඔබේ අනවශ්‍ය සංචරනයන් සීමා කළ යුතු අතර මෙය තත්ත්වය ජාතික යුතුකමක් ලෙස සලකමින් හැකි සෑම වීටකම වෛරසය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන ලෙස දන්වා සිටියේය. තවද අපගේ අසල්වැසි රටක් වන ඉන්දියාව ඇතුළු රටවල් තුළ පවතින අවදානම් තත්ත්වය සලකා බලා මේ අවස්ථාවේ දී වෛරසය පාලන කටයුතු වල නිරතව සිටින සියලුම පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටියහ. ඒ හා සමානව, කොවිඩ්-19 පළමු රැල්ල පැතිරීම ඉතා ඵලදායී ලෙස පාලනය කරමින් මෙම සිංහල දමිළ අලුත් අවුරුද්ද උදාවීමට පෙර 100-150 අතර සැලකිය යුතු අවම දෛනික ආසාදතයින් සංඛ්‍යාවක් වාර්ථා විය. කෙසේ වෙතත්, අවුරුදු සමයේ ඇඳුම් සහ අත්‍යවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා ජනතාව කොතරම් නොසැලකිලිමත් ලෙස සාප්පු සවාරි යනවාදැයි අපි දුටුවෙමු. අතිගරු ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශය අනුව, අපගේ සියලු පාර්ශවකරුවන් ප්‍රශංසනීය කාර්යයක් කරමින් සිටි අතර වෛරසය ප්‍රභේද වෙනස් වන බැවින් මෙම අභියෝගයේ ස්වභාවය ඔබ සැවොම වටහා ගත යුතුය. අවුරුදු සමයේදී ඔබගේ හැසිරීමේ ප්‍රතිපල ඉදිරි දින කිහිපයේදී දැක ගත හැකි අතර ඉදිරි නිවාඩු දිනවල මෙය නැවත නොකිරීමට වගබලා ගත යුතු බවට” වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙම විශේෂ ප්‍රවෘති සාකච්ඡාව සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණරත්න, අධ්‍යක්‍ෂ වෛද්‍ය සැපයුම් සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා සහභාගී වූහ. තවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.