Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2021 20:33:16 Hours

රෙජිමේන්තු අධිපතිවරුන් සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන්ට පළමු වරට යුද්ධ හමුදාධිපති සුරතින් යෂ්ටි ප්‍රදානය කෙරේ

රෙජිමේන්තු අධිපතිවරුන් සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන් වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ප්‍රථම වරට නිර්මාණය කරන ලද යෂ්ටි ප්‍රදානය කිරීම අද (29) දින ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. මෙම යෂ්ටිය මඟින් එම යෂ්ටිය හිමි නිලධාරියා සතු අධිකාරිත්වය සහ බලය නිරූපණය වේ.

දැවමය නිමාවකින් යුතු යෂ්ටි තුලින් උසස් නිලධාරියෙකු සතු පිළිගත් හා කැපී පෙනෙන සේවාවක ඇති වැදගත්කම හා අභිමානය පිළිබිඹු කෙරේ. ඔවුන්ගේ උසස්වීම් වෙනුවෙන් ගෞරවාචාර දැක්වීමේ අරමුණින් චාරිත්‍රානුකූලව මෙම යෂ්ටි ප්‍රධානය සිදුකරනු ලැබිණි.

මෙම යෂ්ටි ප්‍රදානයෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙවැනි යෂ්ටි ප්‍රදානයක් යුද්ධ හමුදාව තුළ පළමු වරට සිදුකිරීමට පාදක වූ කරුණු පිළිබඳ පැහැදිලි කළේය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මෙම අවස්ථාවේදී පහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත යෂ්ටි ප්‍රදානය කෙරිණි:

මේජර් ජෙනරල් එච්.ආර්.කේ.පී පීරිස් VSV USP ndu, ආරක්‍ෂක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම් කලමණාකරන ඒකකයේ අතිරේක අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් එච්.පී.එන්.කේ. ජයපතිරණ RSP, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති, ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති

මේජර් ජෙනරල් සී.කේ. හඳුන්මුල්ල, යුද්ධ හමුදා මූලස්ථානයේ මූල්‍ය කළමණාකරන අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් කේ.එන්.එස්. කොටුවේගොඩ ndc IG, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් එස්.එස්. වඩුගේ RWP RSP USP ndu psc, යුද්ධ හමුදා පුහුණු අණසක, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති

මේජර් ජෙනරල් එල්.ආර්.පී. ප්‍රේමලාල් USP, භටකාර්ය සම්පාදක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් සී.යූ. මාරසිංහ RSP USP, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.පී.ඩබ්ලිව්. පෙරේරා RWP RSP ndu, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව්.ආර්. ද ආබෲ RWP RSP USP psc Hdmc, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති

මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර RWP RSP USP, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති

මේජර් ජෙනරල් එන්.ආර්. ලමාහේවගේ RWP RSP ndu, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති

මේජර් ජෙනරල් ටී.එස්. සැලේ RWP RSP USP ndc psc, රාජ්‍ය බුද්ධි ප්‍රධානි - ආරක්‍ෂක අමාත්‍යාංශය, යුද්ධ හමුදා බුද්ධි බලකායේ කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් ආර්.පී.ඩී.යූ. රාජපක්‍ෂ RWP RSP, 68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති

මේජර් ජෙනරල් පී.ඒ.ජේ. පීරිස් ndu, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි, ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් එස්.පී.කේ.ඒ. පිලපිටිය RWP RSP USP, 55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති

මේජර් ජෙනරල් ආර්. ගනේගොඩ psc, ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ආඥාපති, ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක

මේජර් ජෙනරල් අයි.පී. කඳනආරච්චි, යුද්ධ හමුදා මූලස්ථානයේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක

බ්‍රිගේඩියර් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන්, යුද්ධ හමුදා මූලස්ථානයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක

බ්‍රිගේඩියර් පී.ඒ.සී. ප්‍රනාන්දු USP, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කර්නල් සේනාවිධායක bridge media | GOLF NIKE SHOES