Header

Sri Lanka Army

Defender of the Nation

26th January 2021 11:49:02 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් චින්තක ගමගේ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකර නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ ඉකුත් සදුදා (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙහිදී, යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟින් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් මේජර් ජෙනරල් චින්තක ගමගේ සිදුකළ අමිල සේවය පැසසුමට ලක් කරමින් එතුමන්ගේ අනාගත අපේක්ෂාවන් ‍වෙනුවෙන් සිය සුබපැතුම් පිරිනැමීය. තවද, එතුමන් ආරක්‍ෂක සේවා අණ හා මණ්ඩලික විද්‍යාලයේ උපදේශකයෙකු වශයෙන් කළ සේවය මෙන්ම උසස් තනතුරු රැසක් හොබවන අතරතුර ඉටුකළ සේවය මෙන්ම එතුමන්ගේ වෘත්තිය නිපුනත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි සිහිපත් කළේය.

නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රශංසාව වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කරමින් විශේෂ සමරුතිළිණයක් ද මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමු අතර සිය රාජකාරී ඉටු කිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන් තමාට ලබාදුන් දිරීගැන්වීම් පිළිබඳව ද විශේෂයෙන් මෙහිදී සඳහන් කළේය. Sports Shoes | Nike Releases, Launch Links & Raffles