Header

Sri Lanka Army

Defender of the Nation

21st January 2021 21:03:10 Hours

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් රාජකාරී භාරගැනීමේ උත්සවයට හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු හා වත්මන් යුද්ධ හමුදාධිපති ප්‍රධාන ආරාධිතයින් අතර

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ නව අධ්‍යක්‍ෂ ජෙනරල් ධූරයට පත්වූ (විශ්‍රාමික) මේජර් ජෙනරල් නන්දන සේනාධීර අද (21) දින උදෑසන යුද්ධ හමුදා ප්‍රධානීන්ගේ සුභපැතුම් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත සපැමිණි නව අධ්‍යක්‍ෂ ජෙනරල්වරයා වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිළිගන්වනු ලැබීය. අනතුරුව එතුමන් නව කාර්යාලයේදී ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

නව ධූරයේ රාජකාරී ආරම්භ කිරිමේ සමාරම්භක උත්සව අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති (විශ්‍රාමික) ජෙනරල් දයා රත්නායක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සහ රේඛා සේනාධීර මැතිණිය ඇතුළු පවුල්වල සාමාජිකයින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ භටපිරිස් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

උත්සව අවස්ථාව වෙනුවෙන් ආගමික වතාවත් පැවැත්වීම සඳහා අභයාරාම විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වත්මන් ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙලන්විල ධම්මරතන හිමියන් සහ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වරක් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් සිදුකරන ලදී. latest Running | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp