Header

Sri Lanka Army

Defender of the Nation

17th January 2021 20:21:24 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ ගවේෂණය කරයි

කොවිඩ්-19 වෛරසය තවදුරටත් දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ ගවේෂණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (17) දින වෛද්‍යවරුන් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් මුලසුන හෙබවූ මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය, සංචාරක, ප්‍රවාහන, අධ්‍යාපන සහ ව්‍යාපාර යන අංශයන් නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වූහ. මෙම සාකච්ඡාව අතරතුරදී, නිරෝධායන ක්‍රියාවලිය, විදේශීය රටවල රැඳි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම, ගුවන්තොටුපල නැවත විවෘත කිරීම, සංචාරකයින් පැමිණීම, ප්‍රතිදේහජනක පරීක්ෂණ සහ පීසීආර් පරීක්ෂණ පැවැත්වීම, රාජ්‍ය අනුග්‍රහය යටතේ නිරෝධායන ක්‍රියාවලිය සිදුකිරීම, ප්‍රදේශ හුදකලා කිරීම සහ වෛරසය ආසාදිත පුද්ගලයින් හඳුනාගැනීම යන කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

තවද, වෛරසය සම්ප්‍රේෂණයවීම වළක්වාගැනීම සඳහා ගත යුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳව මෙම සාකච්ඡාවට සහභාගිවූවන් සාකච්ඡා කළ අතර වෛරසය දිවයින පුරා පැතිරයාම වළක්වාගැනීම සඳහා ගත යුතු නිවැරදි ක්‍රියාමාර්ග අනුගමන කරන මෙන් යුද්ධ හමුදාධිපතිතුමන් මෙහිදි සහභාගි වූ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. Best Authentic Sneakers | Nike Shoes, Sneakers & Accessories