Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2020 08:47:19 Hours

තවමත් කිලිනොච්චි භටපිරිස් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවන්ට සහන සැලසීමේ කටයුතුහී නියැලෙති

සුළි සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින කිලිනොච්චිය ප්‍රදේශයේ ජනතාව මුදවාගැනීම, මාර්ග පිරිසිදු කිරීම, අළුත්වැඩියා කටයුතු සහ අවතැන් වූ පුද්ගලයින් වෙනුවෙන් පිසූ ආහාර පාර්සල් බෙදාදීම වැනි ව්‍යාපෘතීන් කිහිපයක් දෙසැම්බර් මස 3 සිට 7 දින දක්වා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස් විසින් දියත් කරන ලදී.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකවල භටපිරිස් ද මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය ලබාදුන්හ.

57 වන සේනාංකය යටතේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් පෙරියකුලම් සහ කට්ටකාඩු ප්‍රදේශවල ඇති වූ ගංවතුර තත්ත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නොමැතිවීම හේතුවෙන් පීඩාවට පත් පවුල් අතර පසුගිය ඉරිදා (06) දින පිසූ ආහාර සහ වියළි සලාක පාර්සල් බෙදාදුන්හ. මෙම වැඩසටහන සඳහා එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකුගේ සහයෝගය ද හිමිවූහ.

මේ අතර, 572 වන බලසේනාවට අයත් 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ගංවතුර තත්ත්වය හේතුවෙන් අබලන් වූ පුන්නානිරාවි, තිරිමන්තාල් ආරු මාර්ගයේ ගිලා බැස තිබු බෝක්කුවක් අළුත්වැඩියා කර එම මාර්ගය යළි වාහන ධාවනය සඳහා උච්ත අයුරින් සකස් කළේය. එමෙන්ම, 573 වන බලසේනාවට අයත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අධික වර්ෂාව හා ජලය පිටාරගැලීම හේතුවෙන් හානියට පත් මටාදකුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.

5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අවදානම් සහිත ප්‍රදේශවල වෙසෙන පවුල් 04 ක සාමාජිකයින් 17 දෙනෙකු එම ස්ථාන වලින් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු කළහ. ඒ අතරින් කිහිපදෙනෙකු සඳුදා (07) දින පතිමාතා පල්ලියේ රැඳවීමට කටයුතු කළ අතර ඔවුන්ට අවශ්‍ය ආහාර ද සපයනු ලැබිණි. එමෙන්ම, 663 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව නාච්චිකුඩා - කුමලමුණේ මහා මාර්ගය හරහා ජලය ගලායෑම වැළැක්වීම සඳහා ජල මාර්ග පද්ධතිය පිරිසිදු කරන ලදී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ අනතුරු ඇඟවීමත් සමඟ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වන්නි ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් සුළි සුළං තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක්වන ප්‍රදේශවල ආරක්‍ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙස භටපිරිස් දැනුවත් කළේය. Sports Shoes | Men's Footwear