Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2020 21:24:06 Hours

ගංවතුරට හසු වූ ගවයින් 413 දෙනෙකු බේරාගැනීමට යුද්ධ හමුදා භටපිරිස් සමත් වෙති

පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය සහ සුළි සුළං සහිත කාළගුණික තත්ත්වය හේතුවෙන් මන්නාරම පෙරියමඩු වැව පිටාර ගැලීමත් සමඟ ඇති වූ ගංවතුරට හසු වූ ගවයින් 413 දෙනෙකු මහත් පරිශ්‍රමයක් දරා බේරගැනීමට වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 සහ 653 වන බලසේනාවන්හී සේවයේ නියුතු භටපිරිස් ඉකුත් ඉරිදා (06) දින කටයුතු කළහ. ඒ සඳහා ගම්වාසීන්ගේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවකයින්ගේ සහයෝගය ද ලැබිණි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක ගේ උපදෙස් මත සහ 652 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් උදය හේරත් සහ 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සංඛ ජයමහා ගේ අධීක්‍ෂණය යටතේ මෙම මෙහෙයුම් සිදුකරනු ලැබිණි.

අණදෙන නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ එම ගවයින්ගේ අයිතිකරුවන් එක්ව ජල පහරට හසුවී සිටි ගවයින් 300 ක් මුදවාගත් අතර, 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 23 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පෙරියමඩු වැව් ජලයට හසුවීම නිසා පීඩාවට පත්ව සිටි තවත් ගවයින් 113 දෙනෙකු මුදවාගත්හ.

653 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බෝට්ටු දෙකක් යොදාගනිමින් ගවයින් මුදවාගැනීමේ මෙහෙයුම සඳහා දායකත්වය ලබාදුන්හ. කෙසේ වෙතත්, ගංවතුරට හසුව අවාසනාවන්ත ලෙස මරණයට පත්වූ ගවයින් 12 දෙනෙකුගේ සිරුරුද භටපිරිස් විසින් සොයාගනු ලැබිණි. අනතුරුව, දිවි ගලවාගත් ගවයින් වෙනුවෙන් පශු වෛද්‍යවරයෙකුගේ සහය ඇතිව අවශ්‍ය ප්‍රතිකාර සහ එන්නත් ලබාදීමට ද භටපිරිස් කටයුතු කළහ. මෙම මුදවාගැනීමේ මෙහෙයුම ඉරිදා (06) දින සන්ධ්‍යාවේ අවසන් විය.

‘බුරවි’ සුළි කුණාටුව නැගෙනහිර වෙරළින් ලංකාවට ඇතුළු වීමට පැය කිහිපයකට ප්‍රථම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කඩිනමින් වන්නි ප්‍රදේශයට පැමිණ අයහපත් කාළගුණික තත්ත්වයක් ඇති වුවහොත් එය යථා තත්ත්වයට පත් කිරීමට අවැසි ක්‍රියාමාර්ග සබැඳිව උපදෙස් ලබාදුන් අතර, සියලු භටපිරිස්හී සුදානම පරික්‍ෂා කිරීම මෙන්ම ඔවුන් වෙත නිසි උපදෙස් ලබාදීම ද සිදුකරන ලදී. Sports brands | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret