Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2020 11:58:08 Hours

දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා පිටත්ව යන 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුබපැතුම්

එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා පිටත්ව යන ශ්‍රී ලංකා වෛද්‍ය බලකායේ 7 වන යුද්ධ හමුදා කණ්ඩායමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අඟහරුවාදා (17) දින උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී සිය සුබපැතුම් පිරිනැමීය.

ඒ අනුව, නිලධාරීන් 10 ක් සහ සෙසුනිලයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විත දකුණු සුඩානයේ සාමසාධක රාජකාරී සඳහා දිවයිනෙන් පිටත්ව යන පළමු කණ්ඩායම ගුවන් තොටුපල පරිශ්‍රයේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාර පුද කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ට සුබපැතුම් එක් කළේය. එසේම එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීවලදී ඉහළ විනයක් පවත්වා ගනිමින් සිය පැවරුම් රාජකාරි ඉතා වගකීමෙන් සහ කාර්යක්‍ෂම ඉටුකිරීමේ අවශ්‍යතාවයද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී අවධාරණය කලේය.

දිවයිනෙන් පිටත්ව යන ​භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සුදානම සහ අනෙකුත් කරුණු පිළිබඳව විමසා සිටියහ. ගුවන්තොටුපල වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම කණ්ඩායම වෛද්‍ය විශේෂඥයින් 4 දෙනෙකු, වෛද්‍ය නිලධාරීන් 4 දෙනෙකු සහ දන්ත වෛද්‍යවරයකු, අණදෙන නිලධාරියෙකු, පරිපාලන නිලධාරීන් 7 දෙනෙකු, වාට්ටු භාරහෙදියන්, සත්කාර හෙදියන් (නාරිවේදය), ශල්‍යාගාර තාක්‍ෂණ ශිල්පීන්, භෞතික චිකිත්සකවේදීන් (DPM), විකිරණ (Xray) වේදීන්, විකිරණ (Xray) තාක්‍ෂණි ශිල්පීන්, SMO/MPH (ECG), දන්ත සහායකයන්, දන්ත කාර්මිකයන්, වෛද්‍ය සහයකින්, ෆාමසි සහෆාමසි කාර්මිකයන්,විද්‍යාගාර කාර්මිකයන්, විද්‍යාගාර තාක්‍ෂණ විද්‍යාඥයින්, සනීපාරක්‍ෂක සහයකයන්, පරිපාලන ලිපිකරුවන්, සූපවේදීන්, ගිලන් රථ රියදුරන් සහ මෘත ශරීරාගාර සහායකයන්ගෙන් සමන්විතය.

එම පිරිසට ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සෙබළුන් 41 දෙනෙකුත් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකාය, ඉංජිනේරු සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය නියෝජනය කරන සෙබළුන් 9 දෙනෙකු ඇතුළත් අතර අද දිවයිනෙන් පිටත්ව ගිය 7 වන යුද්ධ හමුදාභට කණ්ඩායමට කර්නල් රොෂාන් ජයමාන්න අණදෙනු ලබයි.

දකුණු සූඩානයේ සාම සාධක රාජකාරීන් සඳහා පිටත්ව ගොස් තිබු 6 වන යුද්ධ හමුදා කණ්ඩායමේ පළමු කණ්ඩායම ඉකුත් ඉරිදා (15) දින මෙරටට පැමිණි අතර, එරට සිටින දෙවන කණ්ඩායමේ භටපිරිස් 2020දෙසැම්බර් මස 8 වන දින මෙරටට පැමිණිමට නියමිතව ඇත.තවද, ඔවුන්ගේ පැමිණිමෙන් පසු එහි පුරාප්පාඩු පිරවීම සඳහා ඉතිරි කණ්ඩායම 2020දෙසැම්බර් මස 9 වන දින දකුණු සූඩානය බල පිටත්ව යාමට නියමිතව ඇත. අප්‍රිකානු මහාද්වීපයේ සාම සාධක රාජකාරීන් නිසි අයුරින් ඉටු කිරිම වෙනුවෙන් මෙරට යුද්ධ හමුදා සාමාජිකයන් දැක්වූ දායකත්වය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රශංසා කර තිබේ.

දකුණු සුඩානය පදනම් කරගත් මෙම ‘SRIMED’ රෝහල තුළ ශල්‍යාගාරයක්, ප්‍රසූතිකා ගාරයක්, දැඩි සත්කාර ඒකකයක්, හදිසි ප්‍රතිකාර අංශයක්, බාහිර රෝගී අංශයක්, දන්ත සැත්කම්, දන්ත වැඩමුළුව, ෆාමසි, වෛද්‍ය ගබඩාව, විකිරණ විද්‍යා දෙපාර්තමේන්තුව, සායනික රසායනාගාරය, ඊසීජී කාමරය ඇතුළු ද්විතීයික සත්කාර වෛද්‍ය සේවාවන් සඳහා අවශ්‍ය අංගයන්ගෙන් සමන්විතය. ඊට විෂබීජහරණ ඒකකයක්, ජෛව වෛද්‍ය ඉංජිනේරු අංශය, වෛද්‍ය අපද්‍රව්‍ය බැහැර කිරීමේ අංශය, වායූ සමනය කළ මෘත ශරීරාගාරයක්, හුදකලා වාට්ටුවක් සහ ලොන්ඩරි පහසුකම් සහිත වාට්ටු, වායූසමනය කරන ලද ගිලන්රථ පහසුකම් මෙන්ම ගුවන් මඟින් රෝගීන් ප්‍රවාහනය කිරිම සඳහා සියලු වෛද්‍ය පහසුකම් සහිත ගුවන් යානා පහසුකම් වලින්ද යුක්තය.

මීට අමතර,ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් භටයින් 54 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද එම ගුවන් යානයෙන්ම දකුණු සුඩානයේ එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම සඳහා පිටත්ව ගියහ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රදීප් ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Sports brands | adidas NMD Human Race