Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2020 20:36:42 Hours

'විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණිමේදී තම ගුවන් ටිකට්පත අතරමැදියන් රහිතව සෘජුවම මිලදී ගත හැකි බව’ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකාය පවසයි

'කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකායේ තවත් විශේෂ සාකච්ඡාවක් එහි ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දින පස්වරුවේ පැවැත්විණි.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වැඩි වශයෙන් හඳුනාගැනීම, පවතින වත්මන් තත්ත්වය, වෛරසයේ වර්ධනය සහ ගතයුතු හදිසි පියවරයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී සමාලෝචනය කෙරිණ. තවද, හුදකලා ප්‍රදේශ හා ස්ථාන කළමනාකරණය, වෛරසය ආසාදිත පුද්ගලයින් බහුලව සිටින ප්‍රදේශ හුදෙකලා කිරීම, එම ප්‍රදේශවල සංචරණය සීමා කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම, වෛරසය පැතිරයාම පිළිබඳ නව තොරතුරු සොයාගැනීම්, එළඹෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම, සමාජ මාධ්‍යජාලය තුල අසත්‍ය තොරතුරු හුවමාරුවීම යන කරුණු පිළිබඳව මෙහිදි විශේෂ අවධානයක් යොමු කෙරිණ. එසේම, මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ආසාදිතයින් වාර්තාවීම අවම වූවත් පොලිසිය ආශ්‍රිත පොකුර වර්ධනයවීමත්, බන්ධනාගාර ආශ්‍රිතව නව පොකුරක් හඳුනාගැනිම පිළිබඳවත් කාර්යසාධක බලකාය දැඩි අවධානය යොමු කරමින් කරුණු සාකච්ඡා කරනු ලැබීය.

පොදු සනීපාරක්‍ෂක පහසුකම් ආශ්‍රිතව නිසි විෂබීජහරණයක් නොමැතිවීම නිසා වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉහළ යාහැකි බව මෙන්ම ආර්ථික මධ්‍යස්ථාන වැනි මර්මස්ථානයන්හි අහඹු ලෙස PCR පරීක්ෂණ පැවැත්වීම සහ සමාජ දුරස්ථභාවය සම්බන්ධයෙන් දැඩි නීතිරිති පැනවීම, සෞඛ්‍ය පිළිවෙත් උපරිමයෙන් අනුගමනය කිරීමට මහජනතාව දැනුවත් කිරීම සහ සෞඛ්‍යාරක්‍ෂිත නොවන පරිදි මහජන ඒකරාශීවීම් අවම කිරීම සඳහා හා තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග ආදිය පිළිබඳ කාර්යසාධක බලකාය අවධානය යොමු කරන ලදී.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම යළි ආරම්භ කිරීමත් සමග අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යය සාධක බලකාය වෙතින් උපදෙස් හා අනුමැතිය ලබාගන්නා ලෙස ද මෙම සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේය. එසේම, නැවත මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගුවන් ටිකට්පත් මිලදී ගැනීමේදී තෙවන පාර්ශවයක් සම්බන්ධ කර නොගෙන ඉදිරි කටයුතු සිදුකරගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනිමට තානාපති කාර්යාල හරහා පහසුකම් සැපයීය යුතු බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණ. මේ සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකාය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට නියමිත සැලසුම් මේ වනවිටත් සකස් කරමින් පවතින බවත් එහිදි ප්‍රකාශ විය. මීට අමතරව, මේ වනවිට වර්ධනය වෙමින් පවතින බන්ධනාගාර පොකුර පාලය කිරීම ඇතුළු තවත් සුවිශේෂි කරුණු කිහිපයක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල්වරයා සිය අදහස් ප්‍රකාශ කළේය. jordan release date | adidas Yeezy Boost 700 , Ietp