Header

Sri Lanka Army

Defender of the Nation

17th November 2020 10:58:08 Hours

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සන්නිවේදන කුසලතා පිළිබඳ සජිවී අධ්‍යාපන වැඩසටහනකට යුද්ධ හමුදාධිපති එක්වේ

සෞඛ්‍ය සේවකයින් සහ සාමාන්‍ය ජනතාව අතර, පුළුල් සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සඳහා වූ සජීවී අධ්‍යාපනික වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඉකුත් සදුදා (16) දින සහභාගී විය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ක්‍ෂේත්‍රයේ විශේෂඥයින් පිරිසක් මෙම සැසිවාරය සඳහා සහභාගී වූහ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සෞඛ්‍ය හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ එක්ව පුරා පැයක කාලයක් පැවති මෙම සජීව සාකච්ඡාවෙන් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ (Zoom) ඉගැන්වීම් සහ අන්තර්ක්‍රියාකාරී කණ්ඩායම් සාකච්ඡාවන් තුළින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහමහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හමුදා නිලධාරීන් අතර සන්නිවේදන කුසලතා වැඩි දියුණු කිරීමට උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරුණි. මෙම වැඩසටහන (Zoom) තාක්‍ෂණය උපයෝගි කරගනිමින් පවත්වනු ලැබිණි. Asics shoes | Women's Nike Air Max 270 trainers - Latest Releases