14th October 2020 08:14:47 Hours
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකා රැස්වීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් (වෛද්‍ය) සංජීව මුණසිංහ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අනෙකුත් පාර්ශවකරුවන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) දින පැවැත්විණ.
එහිදී, යුද්ධ හමුදාධිපතිවරයා විසින් කොවිඩ් වෛරසය පැතිරීම, ආසාදිතයන් සොයාගැනීම, PCR පරීක්‍ෂණ පැවැත්වීම සහ ආශ්‍රිතයන් සොයාගැනීම සම්බන්ධ වර්තමාන තත්ත්වය විස්තර කළේය.
මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලෙන් හමුවූ ආසාදිතයන්ගේ පළමු සම්බන්ධතා සහ දෙවන සම්බන්ධතා ඇති සියලුම පවුල් දැන් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා නිරෝධායට ලක්කරන බවද මෙහිදී අනාවරණය විය. එමෙන්ම, දැනට ඇතැම් ප්‍රදේශවලට පනවා ඇති හුදකලා ඇඳිරි නීතිය සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී සාකච්ඡා කෙරුණු අතර, එය මේ සතිය අවසානය දක්වා පවත්වාගෙන යායුතු බවද සාකච්ඡා කෙරිණි.
එමෙන්ම, බුද්ධි අංශ විසින් කරන ලද විමර්ශනවලට අනුව හඳුනාගත් සම්බන්ධතා වලට අනුව මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල් පොකුරේ පළමු සිදුවීම සැප්තැම්බර් 10ත් 20ත් අතර දක්වා කාලය තුළ සිදුවන්නට ඇති බව ද මෙහිදී සාකච්ඡා කෙරුණි.
එසේම, රෝහල්වල ධාරිතාව සහ දිස්ත්‍රික්වල රෝහල් ආශ්‍රිතව ඇති පහසුකම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා යුද්ධ හමුදාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ කොවිඩ් - 19 ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ රෝහලක අවශ්‍යතාවය පවතින බවත් ඒ සඳහා යුද්ධ හමුදා සහයෝගය අත්‍යවශ්‍යය බවත්ය. එහිදී, ඊට පිළිතුරු දෙමින් යුද්ධ හමුදාධිපතිවරයා කියා සිටියේ හදිසි අවශ්‍යතාවක් සඳහා භාවිත කිරීමට ඇඳන් 100 ක් සහිත යුද්ධ හමුදා රෝහලක් සූදානම් කිරීමට කටයුතු කරන බවයි. Sports News | Patike