Header

Sri Lanka Army

Defender of the Nation

28th September 2020 20:30:47 Hours

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්යභාර්ය පැසසුමට ලක් කරයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති ලුතිනන් ජෙනරල් ඩෙනිස් ගිලෙන්ස්පෝර් (Lieutenant General Dennis Gyllensporre) 2020 සැප්තැම්බර් මස 19 වන දින බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ සේවයේ යොදවා සිටින ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ කාර්යභාර්ය පිළිබඳ සොයාබැලීම සඳහා නිල සංචාරයක නිරතවන ලදී.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි, ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සංග්‍රමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ දෙවන අණදෙන නිලධාරී මේජර් මනෝජ් විතානගේ විසින් ඉදිරිපත් කිරීමක් සිදුකරමින් ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමට පැවරී ඇති කාර්යභාරය සහ වගකීම් පිළිබඳව ආඥාපතිතුමන් දැනුවත් කළේය.

පසුව, ආඥාපතිතුමන් නිලධාරීන් අමතමින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) රථවාහන ආරක්‍ෂක රාජකාරි ඇතුළුව ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායම විසින් ඉටු කරනු ලබන කාර්යයභාර්ය ඉතා අගය කළේය. තවද, ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ භටපිරිස් විසින් පවත්වාගෙන යනු ලබන වෘත්තීයභාවය සහ විනය ආඥාපතිතුමන්ගේ දැඩි ඇගයීමකට ලක්විය.

ඉන්පසුව, ආඥාපතිතුමන් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමද එතුමන් අතින් සිදුවිය. තවද, කඳවුර තුළ පිහිටි භටනිවාස සහ රෝහල් පරිශ්‍රයේ එතුමන් සංචාරය කරන ලදී. මෙම සංචාරය අවසානයේ, ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ භටපිරිස් වෙනුවෙන් අණදෙන නිලධාරි විසින් ආඥාපතිතුමන් වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.

ලුතිනන් ජෙනරල් ඩෙනිස් ගිලෙන්ස්පෝර් (Lieutenant General Dennis Gyllensporre) ශ්‍රී ලංකා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමේ සිදුකළ සංචාරය සඳහා නැගෙනහිර කොට්ඨසයේ නියෝජ්‍ය කොට්ඨාස භාර නිලධාරී කර්නල් ටේම් ගැලබ් (Colonel Tame Gallab) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. bridge media | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ