Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2020 19:50:11 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ටී.ජේ.සී. (TJC) අඹ පැළ 20,000 ක් රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතිය ඇරඹේ

71 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව අක්කර 1100 කින් සමන්විත සිංහපුර යුද්ධ හමුදා ගොවිපලෙහි ටී.ජේ.සී. (TJC) අඹ පැළ රෝපණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අද (29) දින උදෑසන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිංහපුර ගොවිපල නිරීක්ෂණය කිරීමෙන් පසුව ටී.ජේ.සී. (TJC) අඹ පැළ 20,000 ක් රෝපණය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 5000 ක් රෝපණය කිරීමේ අදියර ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පළමු පැළය රෝපණය කර ආරම්භ කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ගොවිපොල පරිශ්‍රයෙහි ඉදිකිරීම සඳහා නියමිත ජල මුලාශ්‍ර දෙකක් (සෙබල වැව සහ ගජබා වැව) සඳහා යෝජිත ප්‍රදේශයන් නිරික්ෂණය කළ අතර එහි කටයුතු ආරම්භය ද සනිටුහන් කරන ලදී.

එහිදී, ප්‍රදේශීය වාරිමාර්ග ඉංජිනේරු ප්‍රගීත් මහතා විසින් මෙම වැව් දෙකෙහි ආරම්භය සහ ඒ තුළින් ලබාගත හැකි ප්‍රතිලාභයන් පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් දැනුවත් කරන ලද අතර මෙම ගොවිපල භාර නිලධාරී මේජර් ඒ.එම්.සී ගුණසේකර විසින් ගොවිපොල තුළ ඉදිරියේදී සිදුකිරීමට නියමිත වගාවන් සඳහා එහි සැලසුම් පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් අයවළුන් දැනුවත් කරන ලදී.

ඉන් අනතුරුව, මෙම අවස්ථාවට සහභාගි වූ පදවිය සහ වාහල්කඩ ව්‍යාපාර අධිකාරි වසන්ත මහතා විසින් ප්‍රදේශයෙහි ගොවින් මුහුණදෙන ගැටළු රාශියක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා පූර්ණ අවධානය යොමු කළ යුද්ධ හමුදාධිපතිතුමන් අදාළ ගැටළු ජනාධිපතිතුමන් වෙත කඩිනමින් ඉදිරිපත් කරන බවත් ගැටළු විසඳාගැනීම සඳහා ඔවුනට හැකි සෑම අයුරින්ම කටයුතු කරන බවත් ප්‍රකාශ කරන ලදී.

මෙම සමාරම්භක අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මහින්ද රාජපක්ෂ, පදවි-ශ්‍රීපුර සහකාර ප්‍රාදේශීය ලේකම්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ඉඩම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය සභා නිලධාරීන්, ජ්‍යේෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්, 9 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ. Running sport media | Jordan Shoes Sale UK