Header

Sri Lanka Army

Defender of the Nation

25th September 2020 10:38:01 Hours

‘ජයග්‍රහණය හා සාමය’ (Victory & Peace) මැයෙන් කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ පවත්වන ලද චිත්‍ර ප්‍රදර්ශන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

2 වන ලෝක යුද්ධයට වසර 75 ක් සපිරීම නිමිත්තෙන් ඉකුත් සඳුදා (21) දින කොළඹ රුසියානු මධ්‍යස්ථානයේදී ‘ජයග්‍රහණය සහ සාමය’ (Victory & Peace) තේමාව යටතේ පැවති චිත්‍ර ප්‍රදර්ශන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ පිහිටි රුසියානු කලා පාසල විසින් සංවිධානය කරන ලද මෙම චිත්‍ර ප්‍රදර්ශනයේදී සිසු සිසුවියන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරනු ලබන අතර එම ප්‍රදර්ශනය 2020 සැප්තැම්බර් මස 21 දින සිට 30 දින දක්වා සතියක කාලයක් පුරා මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කරනු ලැබේ.

මෙම සමාරම්භක උත්සවය ඉකුත් සඳුදා (21) දින පැවති අතර, එම අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා රුසියානු සමුහාන්ඩුවේ තානාපති අතිගරු යුරී මැටීරියා (Yuri Materiy), කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ඇනස්ටේසියා කොක්ලෝවා (Anastasia Khokhlova), රුසියානු මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධප්‍රිය රාමනායක මහතා සහ රුසියානු සමූහාන්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් හා නාවික නිත්‍ය නියෝජිත කර්නල් ඩෙනිස් අයි. ෂකෝඩා ද සහභාගී වූහ.

මෙම චිත්‍ර ප්‍රදර්ශනයට චිත්‍ර ඉදිරිපත් කළ රුසියානු කලා පාසලේ සිසු සිසුවියන් වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් විසින් සහතික ප්‍රදානය කරන ලදී. මෙම චිත්‍ර ප්‍රදර්ශනය කිරීමට ප්‍රථමයෙන් එම කලා පාසලේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද විචිත්‍රවත් නර්තනාංගයන්ගෙන් එම අවස්ථාව වර්ණවත් විය. Running sports | Nike Air Max 270