Header

Sri Lanka Army

Defender of the Nation

23rd September 2020 16:47:06 Hours

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක්කරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ තවත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ගේ සේවය ඇගයුමට ලක් කරනු වස් ඉකුත් බදාදා (23) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත එතුමන්ට ආරාධනා කළ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සිය සුභපැතුම් එක් කළේය.

මෙහිදී, දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අගනා සේවයක් සිදුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන් පැසසූමට ලක් කළේය. විශ්‍රාම ලබන මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු යුද්ධ හමුදාවේ සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදීම් සහ මාණ්ඩලික නිලධාරී තනතුරු රැසක් හොඹවා ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් පිළිබඳව ද මෙහිදි සිය කෘතඥතාවය පිරිනැමීය. මෙම සුහද හමුව අවසානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපල අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිනි. trace affiliate link | Nike Air Max 270