Header

Sri Lanka Army

Defender of the Nation

24th September 2020 00:27:10 Hours

යුද්ධ හමුදා භටපිරිස් මාර්ග බාධකයකදී නීතිවිරෝධි කහ සහ කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගනී

මන්නාරම පිහිටි 54 වන සේනාංක මුලස්ථානය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ කිලෝග්‍රෑම් 205.7 ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 104 ක් සමග ශ්‍රී ලාංකීක සැකකරුවන් සිව්දෙනෙකු 23 දින සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගෙන ඇත.

මැදවච්චිය-මන්නාරම මාර්ගයේ 543 වන බලසේනාවේ මාර්ග බාධකයේ රාජකාරී කරමින් සිටි විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කුඩා ලොරි රථයක් (dimo batta) නවතා සෝදිසි කිරීමේදී ලක්‍ෂ 8.2 ක පමණ වටිනාකමින් යුත් කහ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු බදාදා (23) දින සවස 6.30 ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම, කුන්චිකුලම් මාර්ග බාධකයේ රාජකාරී කල 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 542 වන බලසේනාවට අයත් 15 වන (ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් සැකකරුවන් දෙදෙනෙකු සමග නීතිවිරෝධි ලෙස ප්‍රවාහනය කරමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 104 ක තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම් සිට වෙනත් ප්‍රදේශයකට ශීතකරණයක් සහිත වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් දෙදෙනා සමඟ රුපියල් මිලියන 20.8 වටිනාකමින් යුත් ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ජාවාරම්වලට එරෙහිව රජය විසින් සිදුකරනු ලබන රාජ්‍ය යාන්ත්‍රණයට සහයෝගය දක්වන යුද්ධ, නාවික සහ ගුවන් හමුදා භටපිරිස් පසුගිය දින කිහිපය තුළ මන්නාරම සහ වෙනත් ප්‍රදේශවලින් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය, කහ සහ වෙනත් ද්‍රව්‍ය තොගයන් අත්අඩංගුවට ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් පරික්‍ෂණ අඛණ්ඩව පැවැත්වේ. bridgemedia | youth nike kd low tops orange , Nike Air Max , Iicf