Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2020 17:30:33 Hours

ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න රචනා කළ ‘ගෝඨාභය’ කෘතියේ සිංහල අනුවාදය සහ ‘පාතාලයෝ’ නම් කෘතීන් එළිදක්වයි

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ චරිතාපදානය මෙන්ම එතුමන්ගේ යුද්ධ හමුදා දිවිය අළලා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් රචිත ‘ගෝඨාභය’ නම් කෘතියෙහි සිංහල අනුවාදය සහ ‘පාතාලයෝ’ නැමැති නවකථාව එළිදැක්වීමේ සමාරම්භක උත්සවය අද (06) දින කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික පූජකවරුන්, අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය, අමාත්‍යවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, යුද ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් ඇති සෙන්පතියන් ඇතුළු ඔවුන්ගේ භාර්යාවන්, පොලිස්පතිතුමන්, රාජ්‍ය නිලධාරින්, ත්‍රිවිධ හමුදා නිලධාරින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද සහභාගී වූහ.

මෙම විශේෂ උත්සව අවස්ථාවට සහභාගී වූ අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ව එම ග්‍රන්ථයන්හී කතුවරයා වූ ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එමෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත්‍රානි ගුණරත්න මහත්මිය විසින් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය වෙත මල් කළඹක් ප්‍රදානය කරමින් එම අවස්ථාව වෙනුවෙන් ඇයව සාදරයෙන් පිළිගනු ලැබුවාය. ඉන් අනතුරුව, ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් සම්භාවනීය අමුත්තන් විසින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව එදිනට නියමිත උත්සව කටයුතු ආරම්භ වීමට මත්තෙන් බෞද්ධ ආගමික වතාවත් ද සිදුකරනු ලැබිණි. මෙහිදී, එම අවස්ථාව අමතා සිදුකළ කෙටි පිළිගැනීමේ දේශණයකින් අනතුරුව එම වීරෝදාර රණවිරුවන් මව්බිම වෙනුවෙන් සිදුකරන ලද අනුපමේය මෙහෙවර මෙන්ම ඔවුන් හා සබැඳි අතීත මතකයන් යළි ආවර්ජනය කිරීම වෙනුවෙන් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින්ම රචනා කරන ලද කාව්‍යයන් කිහිපයක් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව, මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩියක නිෂ්ශබ්දතාවයක් පැවැත්වීම සඳහා රැස්ව සිටි පිරිසට ආරාධනා කරනු ලැබිණි.

මෙම උත්සවයේ ප්‍රධාන දේශණය සිදුකරමින් ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ප්‍රකාශ කර සිටියේ යුද පිටියේදී ලද අත්දැකීම් පදනම් කරගනිමින් මෙවැනි පොත් රචනා කිරීමට පෙළඹුනු වත්මන් ආරක්‍ෂක ලේකම්තුමන් මානව හිතවාදී පුරවැසියෙකු මෙන්ම ආරක්‍ෂක ලේකම් ධුරයේ පරිපාලනමය වගකීම් නිසි අයුරින් ඉටුකරන සත්පුර්ෂයෙකු බවයි. මෙම උත්සවය සඳහා සහභාගී වූ සියළු දෙනාගේ අවධානයට ලක් වූ එම උත්සවයේ කූටප්‍රාප්තිය වන ‘ගෝඨාභය’ නම් කෘතියෙහි සිංහල අනුවාදය සහ ‘පාතාලයෝ’ නැමැති නවකථාව එළිදැක්වීමේ අවස්ථාව උදා වූයේ ඉන් අනතුරුවය. එම ද්විත්ව ග්‍රන්ථයන්හී කතුවර වත්මන් ආරක්‍ෂක ලේකම්තුමන් විසින් ඊට අදාළ මුල් පිටපත් අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, දිවංගත යුද සෙන්පති ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ භාර්යාව වූ ලලී කොබ්බෑකඩුව මහත්මිය, මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ භාර්යාව වන විජය විමලරත්න මහත්මිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තන් කිහිපදෙනෙකු වෙත පිළිගන්වනු ලැබිණි. එම ශ්‍රේෂ්ඨ යුද විරුවන්ගේ මතකයන්ට උපහාර දක්වමින් එම විරුවන්ගේ භාර්යාවන් වෙත දේශානුරාගී වාදනයන් මධ්‍යයේ නව කෘතීන් පිළිගනුවනු ලැබීය. ඉක්බිති, ජාතික ගීය වාදනය කිරීමත් සමඟින් මෙම උත්සවයට අදාළ වැඩකටයුතුවල සමාප්තිය සනිටුහන් විය.

වර්ෂ 2019 සැප්තැම්බර් 23 දින මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් ‘ගෝඨාභය’ නම් කෘතියේ ඉංග්‍රීසි අනුවාදය එළිදක්වන ලදී. එය වත්මන් ජනාධිපතිතුමන්ගේ චරිතාපදානය පිළිබඳව මැනවින් විස්තර කරනු ලබන්නක් වන අතර, ආරක්‍ෂක ලේකම්තුමන්ගේ නවතම නවකතාව වන ‘පාතාලයෝ’ නැමැති කෘතිය මෙරට පාතාලය හා සම්බන්ධ සාපරාධී ක්‍රියාකාරකම් මෙන්ම, ඊට සම්බන්ධ පවුල්වල සැබෑ ස්වරූපය, ඔවුන්ගේ ජීවනෝපායන් හා දුෂ්කරතාවයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ගවේෂනාත්මක අන්දමින් රචනා කරනු ලැබූවක් වීම මෙහි ඇති තවත් සුවිශේෂිත්වයකි. තමා ලද අත්දැකීම් මත පදනම්ව ග්‍රන්ථයන් රචනා කිරීමට දැඩි උනන්දුවක් දක්වන වත්මන් ආරක්‍ෂක ලේකම්තුමන් පසුගිය කාලසීමාව පුරාවට මෙරට පාඨකයන් අතර සීඝ්‍ර වශයෙන් අලෙවි වූ ඉතා ජනප්‍රිය ග්‍රන්ථයක් වන ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ (Road to Nandikadal) කෘතියේ ගත් කතුවරයා ද වේ. මෙම විශිෂ්ඨ ග්‍රන්ථය දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ ඇවිල ගිය යුද්ධය පිළිබඳ ගවේෂණාත්මක විස්තර ඇතුළත් කදිම කෘතියක් වන අතර, මීට අමතරව කුරිරු යුද්ධය අවසන් කිරීමට දායක වූ නිර්භීත රණවිරුවන් හා ඔවුන්ගේ ජීවිත වලට අදාළ සිදුවීම් ඇතුළත් ‘කඩොල් ඇත්තු’ (Kadol Eththu), ‘උත්තරා දේවි’ (Uttara Devi) ආදී අනෙකුත් පර්යේෂණාත්මක ග්‍රන්ථයන් ද වත්මන් ආරක්‍ෂක ලේකම්තුමන්ගේ සුරතින් රචනා වී තිබේ. spy offers | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ