Header

Sri Lanka Army

Defender of the Nation

03rd September 2020 22:28:02 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ කොවිඩ්-19 විස්තර වාර්ථාව

ශ්‍රී ලංකාව තුළ මේවන විට විදේශයන්හී සිට පැමිණි පුද්ගලයින් පමණක් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර, සමාජය තුළින් කොවිඩි -19 වෛරසය ආසාදිතයින් පසුගිය අප්‍රේල් මස 30 දින සිට මේවන තෙක් හමුවී නොමැති බව කොවිඩ් - 19 වෛරසය පිළිබඳ කාර්ය සාධක බළකායේ සැසිවාරය අමතමින් අද (03) දින කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

“එසේම, අද (03) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 74 ක් තුළ පුද්ගලයින් 8,026 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටි. තවද, මේවන විට පුද්ගලයින් 35,000 අධික පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. ඒ හා සමානව, අද වන විට විදේශීය රටවල් 105 කින් ශ්‍රී ලාංකික විදේශිකයන් 35,000 කට වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් තිබේ. කෙසේ වෙතත්, සියළුම ශ්‍රී ලාංකිකයින් පසුගිය කාලයේ සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරන බව පෙනීයන අතර‍, තවම මෙම වෛරස් තත්ත්වය මුළු මුනින්ම පහව ගොස් නොමැති හෙයින් එම උපදෙස් වලට අනුව ක්‍රියාකිරීමට සියළුම ශ්‍රී ලංකිකයන්ට වගකීමක් ඇති බවත් මේ ගැන සිතා බලා ලබාදුන් සියළුම සෞඛ්‍ය උපදෙස් වලට අනුව මුඛ ආවරණ පැළඳගෙන කටයුතු කරන ලෙස සියළුම දෙනාගෙන් ඉල්ලා සිටින අතර, එය අපට පැවරෙන වගකීමක් ද වන බැවින් මහජනතාව අතින් සිදුවන සුළු සුළු අඩුපාඩුකම් නිසා එය ව්‍යාප්ත වී විශාල ප්‍රජාවකට සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ද ඇති බව ද” ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා විශේෂඥ වෛද්‍ය සහ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය එස්. ශ්‍රීදරන් ඇතුළු වෛද්‍ය විශේෂඥයින් සහ තවත් පාර්ශවකරුවන් කිහිපදෙනෙක් සහභාගී වූහ. මෙම සාකච්ඡාවේදී පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම, යාවත්කාලීන වීම් පිළිබඳ සාකච්ඡා කිරීම, නව පොකුරු ආසාදිතයින් ඇති වීමේ ප්‍රවණතාවය සහ රට තුළ වසංගතයේ පැතිරීම පිළිබඳ කරුණු විශ්ලේෂණය කරමින් සාකච්ඡාවට බඳුන් විය.

ප්‍රථමයෙන්ම, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අනෙකුත් සියළුම අයවළුන් සාදරයෙන් පිළිගත් අතර රැස්වීමේ අරමුණ පිළිබඳව කරුණු එහිදී ඔවුන් වෙත පැහැදිලි කළේය.

විදේශිකයින් අඛණ්ඩව රට තුළට ගෙන්වාගැනීම සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකාව විය. “මේ වන විට විදේශයන්හි සිට පුද්ගලයින් 35,000 මෙරටට ගෙන්වා ඇති අතර තවත් පුද්ගලයින් 55,000 ක් ගෙන්වාගැනීමට නියමිතව තිබේ. ප්‍රායෝගිකව, විදේශයන්හී සිට පැමිණෙන සියළු පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා යොදවනු ලබන සියලුම නිරෝධායන මධ්‍යස්ථාන සහ හෝටල් සඳහා ආරක්‍ෂාව සැපයීමට අමතරව යුද්ධ හමුදාව විසින් සෑම නිරෝධායන මධ්‍යස්ථානයකටම එක් වෛද්‍ය නිලධාරියෙකු යොදවනු ලබන බව ද” යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අසීරු ජාතික කර්තව්‍යයේ දී යුද්ධ හමුදාවට ලැබුණු දැවැන්ත මග පෙන්වීම සහ සහයෝගය අගය කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුන්, සෞඛ්‍ය අමාත්‍යතුමිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්, වසංගත රෝග විද්‍යාඥයින්, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්, වෛද්‍ය නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, සෞඛ්‍ය නිලධාරින්, ගුවන්තොටුපල බළධාරින් ඇතුළු කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් සියළුම පාර්ශවකරුවන් හට තම කෘතඥතාවය පුදකරනු ලැබීය. “එම ශක්තිමත් දැක්මක් සහිත නායකත්වය නොතිබුනේ නම්, යුද්ධ හමුදාවට සහ රටට විශාල අත්දැකීමක් වූ මෙම ක්‍රියාන්විතය ජයගැනීම බොහෝ දුෂ්කර වනු ඇති බව ද” එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය කොවිඩ් - 19 වෛරසය හමුවේ පවතින තත්ත්වය පිළිබඳව විස්තර කළ අතර එහිදි රට සුරක්‍ෂිත හා ස්ථාවරත්වයට පත් කිරීම සබැඳිව අතිගරු ජනාධිපතිතුමන්ට, අග්‍රාමාත්‍යතුමන්ට සහ කාර්ය සාධක බලකායට සිය කෘතඥතාවය පළ කළාය. “මෙම මාරාන්තික වෛරසය පැතිරීම වැළැක් වූ අභිමානවත් ජාතියක් ලෙස ශ්‍රී ලංකාවට සැබවින්ම සතුටු විය හැකි බව හා නිරෝධායන මධ්‍යස්ථාන සඳහා වෛද්‍යවරුන් 30 දෙනෙකු පමණ සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බවත්” එතුමිය විසින් පෙන්වා දෙන ලදී.

එමෙන්ම, සෞඛ්‍ය සේවා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීදරන් මහතා රාජ්‍ය අංශය විසින් සිදුකරනු ලබන PCR පරික්‍ෂණ පිළිබඳව පැහැදිලි කළේය. තවද, සිවිල් ගුවන් සේවා සහ ගුවන් හමුදා බලධාරීන් සමඟ සාකච්ඡා කර ගුවන් තොටුපලේ PCR පරීක්ෂණ ගණන වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බවත් ඔහු සඳහන් කළේය. මේ අතර, ප්‍රජාව අතර ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අහඹු ලෙස PCR පරීක්‍ෂණයන් සමාජය තුළින් සිදුකරමින් සිටින බව ද එතුමන් වැඩිදුරටත් සිය අදහස් ප්‍රකාශ කළේය. තවද, කොවිඩ්-19 වලින් පසු සංචාරක ව්‍යාපාරයේ අනාගත අපේක්ෂාවන් පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ. Sport media | Nike