Header

Sri Lanka Army

Defender of the Nation

07th August 2020 17:00:29 Hours

16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් උතුරු ආලන්කුලම් ප්‍රදේශයේ ඇනහිටි දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි

කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ඉකුත් ඉරිදා (09) දින අලුයම 5.30 ට පමණ අලන්කුලම් දුම්රිය මාර්ගය දෙසට පැමිණි අලියෙකු ගැටීමත් සමගින් අඩාල වූ දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වයට පත් කරලීම සඳහා වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සහාය දැක්වූහ.

සීඝ්‍රගාමී දුම්රියේ අලියා ගැටීමෙන් පසු ශරීර කොටස් කැබලිවලට වෙන් වී ගොස් ඇති අතර අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 400 ක් පමණ දුරට ඇදිගොස් දුම්රියේ රෝද දෙකක් ද පීලි පැනීමෙන් අනතුරුව දුම්රිය නතර වූ බවටද තොරතුරු වාර්තා වී තිබිණි.

දුම්රියේ ගැටි කැබලිවලට වෙන්වූ අලියාගේ ශරීර කොටස් කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට එක්වූ 16 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් පීලි පැන ඇති දුම්රිය එන්ජිම ද නැවත යථා තත්ත්වයට පත් කළහ. මෙම මහඟු කර්තව්‍ය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින්, වනජීවී දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සහ අවට ප්‍රදේශවාසීන්ගේ නොමසුරු සහයෝගය ලැබී තිබිණි.

එදින දහවල් 1.10 පමණ වනවිට දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කළ යුද්ධ හමුදා භටපිරිස් අනතුරට ලක්වූ අලියාගේ ශරීර කොටස් වනජීවී දෙපාර්තමේන්තුව වෙත භාරදීමට ද කටයුතු කර තිබුණි.

දුම්රිය ගමනාගමනය යළි යථා තත්ත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමුකළ වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික ජයසිංහ, 56 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 561 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ යුහුසුළුව ක්‍රියාත්මක වූ භටපිරිස් කඩිනමින් එම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කළහ. jordan Sneakers | adidas