Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2020 12:00:59 Hours

කුණාටුවෙන් හානියට පත් සිවිල් වැසියන්ගේ නිවාස අළුත්වැඩියා කිරීමට 143 වන බලසේනාවේ භටපිරිස් සහය වෙයි

143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සේනක කස්තුරිමුදලි ගේ උපදෙස් පරිදි එම බලසේනාවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින මල්ලවපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මහගම ප්‍රදේශයේ සහ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ ඇති අත්තනපිටිය ගම්මානයේ පැවති අධික සුළං සහ ධාරානිපාත වර්ෂා සහගත තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ හානියට පත් නිවෙස්වල පියසි අළුත්වැඩියා කිරීමට මෙන්ම එම ප්‍රදේශයේ විපතට පත් සිවිල් වැසියන් ගේ හදිසි අවශ්‍යතා ඉටුකිරීම සඳහා කඩිනමින් ඉදිරිපත් වූහ.

මෙහිදී, යුද්ධ හමුදා භටපිරිස් කුණාටුවෙන් බලපෑමට ලක් වූ නිවාස 20 ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ඇරඹූ අතර එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වන තුරු එම නිවාසවල සිවිල් වැසියන් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට ද සිය සහයෝගය දැක්වූහ. එමෙන්ම, එම කුණාටුවෙන් හානියට පත් එකම ප්‍රදේශයක පිහිටි පන්සලක් සහ පාසලක් ප්‍රතිසංස්කරණය කිරීම ද භටපිරිස් අතින් සිදුවිය.

ඉකුත් බ්‍රහස්පතින්දා (06) දින ඇදහැළුණු ධාරානිපාත වැසි සමගින් අවතැන් වූ ජනතාව පිළිබඳ තොරතුරු දැනගත් වහාම 143 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි එම බලසේනාවේ භටපිරිස් ජනතාවට සහන සැලසීමට කඩිනමින් ඉදිරිපත් වූ අතර, එම කටයුතු 14 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ සිදුවිය. Nike air jordan Sneakers | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD