Header

Sri Lanka Army

Defender of the Nation

04th August 2020 16:00:59 Hours

2020 වසරේ ප්‍රමුඛතම සංචාරක උපදේශක වෙබ් පිටු අතරින් යාල ‘ලයා සෆාරි’ නිවාඩු නිකේතනය ජයග්‍රහණය කරයි

සංචාරකයන් සඳහා උපදේශණ සේවා සපයන වෙබ් පිටු අඩවියක් වන ‘ග්ලෝබල් ටුවරිස්ට් කොම්පස්’ (Global Tourist Compass) නැමැති වෙබ් අඩවියේ 2020 වසර වෙනුවෙන් අන්තර්ජාලයේ වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනූ ‘යාල ලයා සෆාරි’ (‘Laya Safari’ at Yala) නැමැති නිවාඩු නිකේතනය ශ්‍රේණිගත කර ඇත. එය ලෝකයේ 10%ක් පමණ වන හොඳම නිවාඩු නිකේතන අතරින් එකක් වශයෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමටද ලක් වී ඇත.

කොවිඩ්-19 වෛරසය පසුගිය මස 6 -7 තුළ පැතිරයාම හේතුවෙන් දිවයින පුරා සංචාරක කර්මාන්තය යම්කිසි පසුබෑමට ලක්ව තිබියදිත්, 2019 සහ 2020 වර්ෂය තුළ ‘ලයා සෆාරි’ නිවාඩු නිකේතනය යුද්ධ හමුදා-සිවිල් කළමණාකාරිත්වයක් සහිතව එම නිවාඩු නිකේතනයේ සේවාවන් ලබාගන්නා සියළුම ආගන්තුකයන් වෙත ඉහළම මට්ටමේ ආගන්තුක සත්කාර ලබාදෙමින් ආකර්ෂණීය අයුරින් ඉතා සතුටුදායක සේවාවක් ලබාදෙන බැවින් එම නිවාඩු නිකේතනය වෙත පැමිණෙන සියළුම අමුත්තන්ගේ ප්‍රසාදයට ලක් වී ඇත. තවද, ‘ලයා සෆාරි’ නිවාඩු නිකේතනය වෙත පැමිණෙන අමුත්තන් අන්තර්ජාලය තුළ එම නිවාඩු නිකේතනය පිළිබඳ ධනාත්මක අයුරින් අදහස් දක්වා ඇත.

ලොව පුරා සංචාරය කරන ලද සංචාරකයන්ගෙන් වසරක් තුළ එක් කර ගන්නා ලද මිලියන ගණනක පමණ සමාලෝචන මත පදනම්ව සංචාරක උපදේශන වෙබ් අඩවි තුලින් අදාළ ජයග්‍රාහක නිවාඩු නිකේතනයන් තෝරාගනු ලබන අතර එම සංචාරකයින්ගේ සමාලෝචනවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එක් එක් සම්මාන කාණ්ඩයට විශේෂිත වූ පරිදි මේ සඳහා සුදුසුකම් ලබන නිවාඩු නිකේතනයන් තෝරාගනු ලබයි. අදාළ නිවාඩු නිකේතනයන් ලබාගන්නා මෙම ජයග්‍රහණයන් සංචාරකයන් සඳහා ඉහළ ගුණාත්මකභාවයකින් යුත් විශිෂ්ඨ ගණයේ සේවාවක් ලබාදීම වෙනුවෙන් මැනවින් ඉවහල් වේ.

වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගන්නා නිවාඩු නිකේතන හඳුන්වා දෙන මෙම උපදේශන තරඟාවලිය තුලින් වඩාත් ආකර්ෂණීය මුහුදු වෙරළ තීරයක් සහිත මෙන්ම ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ආගන්තුක සේවා සපයන නිවාඩු නිකේතන හඳුනාගෙන ඇති අතර ඒ අනුව, දැනට ලොව ඇති 10%ක් පමණ වන මෙවැනි අන්දමේ නිවාඩු නිකේතන පිළිබඳ වැඩි විස්තර ලොව පුරා සංචාරය කරනු ලබන සංචාරකයන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ‘ට්‍රිප් ඇඩ්වයිසර්’ (Trip advisor) නැමැති වෙබ් අඩවියේ පළකිරීමට ද කටයුතු කර තිබේ.

‘ලයා සෆාරි’ නිවාඩු නිකේතනය වෙත මෙම සම්මානය ලැබීමෙන් අනතුරුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ජයග්‍රහණය යථාර්ථයක් බවට පත්කිරීමට වෙහෙස නොබලා කටයුතු කළ එම හෝටලයේ කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයට සිය සුබ පැතුම් එක් කළේය. එමෙන්ම, ‘ලයා සෆාරි’ නිවාඩු නිකේතනයේ ප්‍රධාන කළමණාකරු කර්නල් ලලිත් හේවගේ මෙහිදී අදහස් දක්වමින් එම නිවාඩු නිකේතනයේ ප්‍රමිතීන් නිසිආකාරව පවත්වාගෙන යාමට මෙන්ම එය වෙත පැමිණෙන ගණුදෙනුකරුවන්ට ප්‍රශංසනීය සේවාවක් ලබාදීම වෙනුවෙන් දැනට එම නිවාඩු නිකේතනයට අදාළව විවිධ අළුත්වැඩියාවන් සහ නඩත්තු කටයුතු වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවූ බව හා මෙලෙස ලද ජයග්‍රහණය පහසු ජයගහණයක් නොවූ නමුත් එය තමා ඇතුළු එම නිවාඩු නිකේතන කාර්ය මණ්ඩලයේ සැම වෙත ලැබුුණු දිරිගැන්වීමක් බවද සඳහන් කළේය.

ගුණාත්මක සේවාවන් සපයන විශිෂ්ඨ ගණයේ නිවාඩු නිකේතන වෙත අදාළ ජයග්‍රහණයන් ලබාදීම වෙනුවෙන් 2020 වසරට තෝරාපත්කරගැනීමේ තරඟාවලියට යවන ලද සංචාරක උපදේශක ලේඛණය පහත දක්වා ඇත. affiliate link trace | Patike