Header

Sri Lanka Army

Defender of the Nation

23rd July 2020 15:59:45 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් ශාස්ත්‍රපති උපාධි වැඩසටහන හමුදා වෛද්‍ය විද්‍යායතනයේදී ආරම්භ කරයි

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ (Sri Lanka College of Military Medicine) හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ සමාරම්භක උත්සවය අද (23) දින උදෑසන ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් කොළඹ යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ එවකට කර්නල් සේනාවිධායක සහ වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජය මුණසිංහ වෙත ලබාදුන් මාර්ගෝපදේශ මත උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යයන සැසි හා ශාස්ත්‍රපති උපාධි පාඨමාලා ආරම්භ කරන ලදී.

මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් ද සහභාගි වූහ.

ඒ අනුව, කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනයේ (Post Graduate Institute of Medicine) පැවැත්වීමට නියමිත මූලික උපාධිය සඳහා සුදුසුකම් ඇති සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමේ හැකියාව ඇත.

සමාරම්භක උත්සවය අතරතුරදී, විවිධ විග්‍රහයන් සහ වෙනත් කරුණු පිළිබඳ ඉදිරිපත් කරමින් විද්වතුන් අතර කෙටි විද්‍යාත්මක සාකච්ඡාවක් ද පැවැත්විණි. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මෙහිදී සිදුකළ කෙටි දේශනය අතරතුරදී, නිලධාරීන්ගේ වෘත්තීය ප්‍රගතියේ වැඩසටහනක් ලෙස හමුදා වෛද්‍ය විද්‍යාව ඉගෙනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කළේය.

සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව විද්වතුන් විසින් වැඩසටහන හඳුන්වා දීම මගින් ශාස්ත්‍රපති උපාධි වැඩසටහනෙහි කටයුතු ආරම්භ විය. Sneakers Store | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp