Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2020 17:41:48 Hours

යාපනයේ විශ්‍රාමික හමුදා සෙබලෙක් කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තවීමේ අවධානමෙන් රට මුදාගැනීම සඳහා දින 108ක අධිෂ්ඨාන උපවාසයක

දිවයින පුරා කොවිඩ් - 19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී දැවැන්ත කාර්යභාරයක් ඉටුකරනු ලබන ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය සේවකයින්ට ආශිර්වාද එක් කිරීමේ චේතනාව පෙරදැරිව දින 108 ක් පුරා ‘අධිෂ්ඨාන උපවාසයක්’ පැවැත් වූ අසූවන වියේ පසු වන විශ්‍රාමික ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයෙකු සිය (අධිෂ්ඨාන උපවාසය) නිමා කර ඉකුත් ඉරිදා (12) දින හිස හා රැවුල මුඩුකිරීමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය හමුවී තම උත්සාහය පිළිබඳ එතුමන් දැනුවත් කළේය.

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ උදාරතර අභිප්‍රාය පෙරදැරිව කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි අසු එක්හැවිරිදි විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයෙකු වන සින්නතම්බි නදරාසා මහතා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්ත වෙමින් තිබූ වර්ෂ 2020 අප්‍රේල් මස මුල් භාගයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සෞඛ්‍ය බලධාරීන් ඇතුළු සියලුම නිලධාරින් හට ආශිර්වාද හා ධෛර්යය ඉල්ලා සිටිමින් මෙම උතුම් අධිෂ්ඨාන පූජාව ආරම්භ කරන ලදී.

මෙම විශ්‍රාමික හමුදා සෙබලා ඉකුත් ඉරිදා (12) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී සිය හිස හා රැවුල මුඩු කිරිමෙන් අනතුරුව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මුණගැසී දින 108 ක් නිරාහාරව සිටිමින් තමන් සිදු කළ අධිෂ්ඨාන පූජාව පිළිබඳව දැනුම් දී තිබුණි. ඒ අනුව, යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි එම විශ්‍රාමික හමුදා සෙබලා, එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මෙම සත් ක්‍රියාව සහ අධ්‍යාත්මික කැපවීම අගය කළ ආඥාපතිතුමන් සංහිඳියාව, අවබෝධය, විශ්වාසවන්තභාවය වෙනුවෙන් කෘතඥතාවය පුද කළ අතර එම යුධ විරුවා සමග ඡායාරූපයකට ද පෙනි සිටියහ.

හින්දු ආගම හා යෝගා ආශ්‍රයේ පූජනීය සංඛ්‍යාවක් ලෙස සලකනු ලබන දින 108 වාරයක් සූර්යයා සහ චන්ද්‍රයා පෘථිවියට ඇති සාමාන්‍ය දුර ප්‍රමාණය ඔවුන්ගේ විෂ්කම්භය මෙන් 108 ගුණයක් වන අතර එමඟින් එය විය යුතු කාලය අතීතයේ සිටම චාරිත්‍රානුකූල වැදගත්කමක්ද ඇත. best Running shoes | [169220C] Stone Island Shadow Project (The North Face Black Box) – Hamilton Brown, Egret