Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2020 21:21:35 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් වෛද්‍ය විශේෂඥයින් සමඟ එක්ව ‘කොවිඩ් - 19’ වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇගයීමට ලක් කරයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ තවත් එක් සැසියක් අද (13) දින පස්වරුවේ එම මධ්‍යස්ථානයේදී පැවති අතර ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සමගින් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු අදාළ පාර්ශවයන් සහභාගී වූහ.

ප්‍රථමයෙන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ පැමිණි අමුත්තන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව මෙම හමුව පැවැත්වීමේ අරමුණ පිළිබඳව පැහැදිලි කළ අතර කොවිඩ් - 19 ආසාදිත නව කණ්ඩායම් හමුවීම සහ රට තුළ මෙම වෛරසය ව්‍යාප්ත වීමේ වත්මන් තත්ත්වය පිළිබඳ පරික්‍ෂා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රකාශ කළේය. මෙහිදී, අඛණ්ඩව PCR පරික්‍ෂණ පවත්වාගෙන යාම, නිරෝධායන මධ්‍යස්ථාන, විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයින් පිළිබඳ, වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනය කිරීම පිළිබඳ, කන්දකාඩු වත්මන් තත්ත්වය, මහජනතාවගේ යහපැවැත්ම මෙන්ම තවදුරටත් වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාමාර්ග පිළිබඳව ද එතුමන් සිය අදහස් ප්‍රකාශ කරන ලදී.

සියලුම පාර්ශවකරුවන් විසින් වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අතර, වෛරසය ව්‍යාප්තිය සඳහා බලපෑම් කිරීමට ඉඩ නොදී නිසි උපාය මාර්ගයන් සහිතව විදේශිකයන් මෙරටට ගෙන්වා ගැනීම නැවත ආරම්භ කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉන් අනතුරුව, එම ප්‍රදේශයේ සහ වෙනත් ස්ථානයන්හී වෛරසයේ සිදු වූ වර්ධනයන්ට සමගාමීව කාර්ය සාධක බළකායේ විශේෂඥයින් සිය අදහස් හුවමාරු කරගත්හ.

සමාජයේ සිදු කරනු ලබන PCR පරීක්‍ෂණ අනුපාතය පිළිබඳව සෑහීමකට පත්වන නමුත් අඩු කාලයක් තුළ ප්‍රතිඵල ලබාගැනීමට හැකිවන පරිදි පරීක්‍ෂණ සිදුකිරීමත් තවදුරටත් පරික්‍ෂණ පැවැත්වීම ඉහළ නැංවීමේ අවශ්‍යතාවය පිළිබඳව ද වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අවධාරණය කළේය. විවිධ සමාජ-සංස්කෘතික පරිසරයන් සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති පරිදි ප්‍රදේශයන් හුදකලා කිරීමේ හැකියාවන් පිළිබඳව ද මෙහිදී වැඩිදුරටත් අවධානයට ලක්විණි. best Running shoes brand | Nike Shoes