Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2020 21:31:40 Hours

කොවිඩ් - 19 වෛරසය සමාජයට පැතිරීමට ඇති සියලුම හැකියාවන් වළක්වා ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ප්‍රකාශ කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ:

“මේ මස (07) දින වැලිකඩ බන්ධනාගාරයෙන් සොයාගත් කොවිඩ් - 19 ආසාදිතයා සොයාගැනීමෙන් අනතුරුව බන්ධනාගාර රැඳවියන් සහ එම නිලධාරින් PCR පරික්‍ෂණ සඳහා යොමුකරනු ලැබුවා. ඒ අනුව, එම රැඳවියන්ට සහ බන්ධනාගාර නිලධාරින්ට කොවිඩ් - 19 වෛරසය ආසාදනය නොවී ඇති බවට තහවුරු කරගනු ලැබූවා. එදිනම (07) එම රැඳවියා සිටි කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ සිටි පුද්ගලයින් PCR පරික්‍ෂණය සඳහා භාජනය කරනු ලැබූවා. මේ වනවිට ලැබී ඇති පරික්‍ෂණ වාර්ථා වලට අනුව පුද්ගලයින් 57 දෙනෙකු කොවිඩ් - 19 වෛරසය ආසාදිතයන් ලෙස තහවුරු වී තිබෙනවා. එම 57 දෙනාගෙන් එක් පුද්ගලයෙක් නිවාඩු මත සිටින එම මධ්‍යස්ථානයේ උපදේශිකාවක් ලෙස රාජකාරි කරනු ලබන මාරවිල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර ඇයගේ පවුලේ දෙමාපියන් සහ අනෙකුත් පුද්ගලයින් මේ වන විට නිරෝධායනයට ලක් කර PCR පරික්‍ෂණ වාර්ථා ලබාගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකර ඇත.

අනෙක් පුද්ගලයින් 56 දෙනා කන්දකාඩු පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ සිටින පුද්ගලයන් වන අතර ඔවුන්ගෙන් සමාජයට මෙම රෝගය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් නොමැත. නමුත් නිවාඩු මත සිටි එම මධ්‍යස්ථානයේ උපදේශක උපදේශිකාවන් 8 දෙනෙකු පමණ හඳුනාගෙන රැගෙන ඒමට කටයුතු සිදුකර ඇත. එම මධ්‍යස්ථානයේ කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව වැඩි වීමට හැකියාවක් ඇති අතර මෙම රෝගය සමාජයට ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගතයුතු සියළු ක්‍රියාමාර්ග ගැනීමට අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමාත් උපදෙස් ලබාදී ඇත.

මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය අධිකරණ අමාත්‍යංශය යටතේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් සඳහා පමණක් ක්‍රියාත්මක වන මධ්‍යස්ථානයක් වේ. කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහී වී සිටි පුද්ගලයින් කිහිපදෙනෙක් පසුගිය මාසයේදී PCR පරික්‍ෂණ සිදුකර වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු මෙම මධ්‍යස්ථානය වෙත පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති අතර ඔවුන්ගෙන් මෙම රෝගය වැලඳී තිබේද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ මේ වනවිට පරික්‍ෂණ සිදුකරමින් පවතින බව” එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.” (නිමාව) Running sports | Shop: Nike