Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2020 23:50:06 Hours

අනුරාධපුර පුදබිමේදී ‘පිංකම්’ සහ ‘පුද පූජා’ පවත්වමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ ජන්ම දිනයට ආශිර්වාද එක් කරයි

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් අනුරාධපුර රුවැන්වැලි මහා සෑරඳුන් අභිමුවදී සෙනසුරාදා (20) දින උදෑසන ආගමික වතාවත් සහ ආශිර්වාද පිංකමක් පැවැති අතර ඒ සඳහා අනෝමා රාජපක්‍ෂ මැතිණිය, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු අමාත්‍ය චමල් රාජපක්‍ෂ මැතිතුමන්, හිටපු අමාත්‍ය ගරු බැසිල් රාජපක්‍ෂ මැතිතුමන්, ගරු නාමල් රාජක්‍ෂ මැතිතුමන් ඇතුළු ඥාතීහිතමිත්‍රාදීන් රැසක් සහභාගි වූහ.

සාම්ප්‍රදායික බෙර වාදන මධ්‍යයේ අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ඥාතීහිතමිත්‍රාදීන් ගිලන්පස පූජාවක්, ‘ආලෝක හා සුවඳ දුම් පූජාවක්’, ‘කිරි පිඬු පූජාවක්’ සහ ‘කප්රුක් පූජාවක් පවත්වමින් ඓතිහාසික රුවන්වැලි මහ සෑරඳුන් වෙත ගෞරව දැක්වීය. සම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර සිදුකරමින් කිරි උතුරවා, අතිගරු ජනාධිපතිතුමන් එම පරිශ්‍රයේ ස්ථාපිත දුටුගැමුණු රජතුමන්ගේ සහ විහාර මහා දේවීයගේ ප්‍රතිමා වෙත මල්මාලා පැළඳ විය. රුවන්වැලි මහා සෑයේ පිහිටි බුදුමැදුර වැඳපුදාගත් අතිගරු ජනාධිපතිතුමන් බුද්ධ පූජාව සිදුකිරීමෙන් අනතුරුව වැඩමවා වඳාල ගරුතර මහා සංඝරත්නයට හිල්දානය පිරිනැමිය.

මෙම අවස්ථාවට වැඩම කළ මහා සංඝරත්නය වෙත ‘අටපිරිකර’ සහ අනෙකුත් පිරිකර පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය කෙටි අනුශාසනාවක් සිදුකරමින් අතිගරු ජනාධිපතිතුමන්ට ආශිර්වාද කළේය. මෙම ආශිර්වාද පිංකම සඳහා රුවන්වැලි මහා සෑයේ වත්මන් විහාරාධිපති ආචාර්ය පල්ලගම හේමරත්න නායක හිමිපාණන්, ශ්‍රී සමුද්ධත් විහාරයේ පූජ්‍ය නුගතැන්නේ පන්ඥානන්ද නායක හිමිපාණන්, මිහින්තල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලහහෑන්ගුණවැවේ ධම්මරත්න නායක හිමිපාණන්, ලංකාරාම විහාරාධිකාරි පූජ්‍ය රලපනාවේ ධම්මජෝති නායක හිමිපාණන් ප්‍රමුඛ මහ සංඝරත්නය වැඩම කර සිටියහ.

මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති, නාවික හමුදාධිපති හා ගුවන් හමුදාධිපති ඇතුළු සුබපතන්නන් රැසක් සහභාගි වූහ. Sport media | adidas