Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2020 10:34:22 Hours

තවත් ශ්‍රි ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණිමට නියමිත බව ‍කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (19) දින UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට ගුවන් මගීන් තිදෙනෙකු (3) පැමිණ ඇති අතර, UL 605 දරණ මගී ගුවන් යානය මගින් මෙල්බර්න් සිට ගුවන් මගීන් අනු අට දෙනෙකු (98) සහ UL 504 දරණ මගී ගුවන් යානය මගින් ලන්ඩන් සිට මගීන් හතර දෙනෙකු (4) මෙරටට පැමිණිමට නියමිතව ඇත. ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකිරිමට කටයුතු සිදුකර ඇති බව කොවිඩ් 19 වෙරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ විසින් අද (19) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

අද (19) දින නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් (12)ක්, 59 සේනාංක මූලස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයෙන් (34), මුලන්කාවිල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් (82)ක්, යුද්ධ හමුදා පුහුණු පාසල - අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් (11), බ්ලූ වෝටර් - කොළඹ නිරෝධායන මධ්‍යස්ථානයෙන් (01) සහ සිට්‍රස් - වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් (13) දෙනෙකු ඇතුළු පුද්ගලයින් 153 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 14,966 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ඇත. එසේම,අද (19) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ පුද්ගලයින් 3,970 දෙනෙකු මේවන විට නිරෝධායනය වෙමින් සිටී.

අද (19) දින 0600 පැය වනවිට කොව්ඩ් - 19 ආසාධිතයින් විසි දෙදෙනෙකු (22) වාර්තා වී ඇති අතර, ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි ලාංකිකයන් වේ. තවද, පූර්ණ සුවය ලබා විසිහතර දෙනෙකු (24) රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඉන් දහතුන් දෙනෙකු (13) විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වන අතර, එකොලොස් දෙනෙකු (11) නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් වේ. latest jordan Sneakers | Sneakers