Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2020 17:00:28 Hours

ගුවන් වාර තුනක් මගින් දිවයිනට පැමිණි මගීන් 360 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරිමට නියමිතව ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (17) දින UL-1026 දරණ මගී ගුවන් යානය මගින් චෙන්නායි සිට මගීන් 53 දෙනෙකු සහ 6E-9091 දරණ මගී ගුවන් යානය මගින් මුම්බායි සිට මගීන් 16 දෙනෙකු මෙන්ම ඩුබායි සිට මගීන් 291 දෙනෙකු වශයෙන් මගීන් 360 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත අතර, ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතව ඇති බව කොවිඩ් 19 වෙරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ විසින් අද (17) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

අද (17) දින බ්ලූවෝටර් හොටෙල් වාද්දූව යන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයින් 02 දෙනෙකු පමණක් නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 14,391 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (17) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40 ක් තුළ පුද්ගලයින් 4,126 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී.

අද (17) දින 0600 පැය වනවිට කොව්ඩ් - 19 ආසාධිතයින් දස දෙනෙකු (10) වාර්තාවී ඇති අතර, ඔවුන්ගෙන් සිව් දෙනෙකු (04) ඉරාන් ජාතිකයින්වේ. තවද, නාවික හමුදාවේ රණවිරුවන් හය දෙනෙකු (06) කොවිඩ් - 19 ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත. එසේම, පූර්ණ සුවය ලබා විසිනව දෙනෙකු (29) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර, ඉන් හය දෙනෙකු (06) විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින්වන අතර, විසිතුන් දෙනෙකු (23) නාවික හමුදාවේ රණවිරුවන් වේ.

අද (17) දින උදෑසන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කළ මාධ්‍ය ප්‍රකාශයේ හඩ පටය පහතින් දැක්වේ. Best Sneakers | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today