Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2020 16:50:28 Hours

ඉරාන ජාතිකයින් තිදෙනෙකුට සහ වීරෝධාර නාවික හමුදා සෙබළුන් පස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (16) දින H - 6731 දරණ මගී ගුවන් යානය මගින් නේපාලයේ සිට මගීන් 34 දෙනෙකු පැමිණි අතර, ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව රාජගිරිය කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

අද (16) දින බ්‍රැන්ඩික්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් (123)ක්, නිපුණ බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් (15), දියගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් (22), මීයන්කුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් (12) ක් සහ පනිච්චන්කේනි නිරෝධායන මධ්‍යස්ථානයෙන් (07) දෙනෙකු ඇතුළු පුද්ගලයින් 179 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 14,276 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (16) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,152 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී. එසේම, පූර්ණ සුවය ලබා 29 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර, ඉන් විසිතුන් දෙනෙකු (23) නාවික හමුදාවේ රණවිරුවන් වන අතර, ඉතිරි හය දෙනා (06) විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් වේ.

ඒ අනුව නාවික හමුදාවේ කොව්ඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 885 දෙනෙකු වන අතර, ඉන් 763 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා PCR පරීක්‍ෂණ සිදු කිරිමෙන් අනතුරුව රෝහල්වලින් බැහැරව ගොස් ඇත. දැනට වීරෝදාර රණවිරුවන් 122 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. Adidas footwear | UOMO, SCARPE