Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2020 13:50:28 Hours

ඉරාන වැසියන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

ඊයේ (15) දින සන්ධ්‍යාවේ උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ රාජකාරී කටයුතු සඳහා ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට අයත් ඉරාන ජාතිකයින් 85 දෙනෙකු IR-5374 දරණ මගී ගුවන් යානය මගින් ශ්‍රී ලංකාවට පැමිණි අතර, ඔවුන් සියළු දෙනා දැනට බ්ලූවෝටර් හෝටලය තුළ තාවකාලිකව රඳවා ඇති අතර‍, PCR පරීක්ෂණ‍ ප්‍රතිඵල පැමිණි පසු උමාඔය පිහිටි කරඳගොල්ල විශේෂ නේවාසික නිරෝධායන කඳවුරක යුද්ධ හමුදාවේ අධීක්‍ෂණය යටතේ නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතව ඇති බව. කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ විසින් අද (16) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

අද (16) දින H9 6731 දරණ මගී ගුවන් යානය මගින් නේපාලයේ සිට මගීන් 42 දෙදෙනෙකු පැමිණීමට නියමිත අතර, ඔවුන් ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතව ඇත.

අද (16) දින නිපුණ බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් (15)ක්, දියගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් (22)ක්, බ්‍රැන්ඩික්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් (123)ක්, මීයන්කුලම් නිරෝධායන මධ්‍යස්ථානයෙන් (12) දෙනෙකු සහ පනිච්චන්කේනි නිරෝධායන මධ්‍යස්ථානයෙන් (07) දෙනෙකු ඇතුළු පුද්ගලයින් 179 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 14,097 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (16) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,297 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී.

අද (16) දින 0600 පැය වනවිට කොවිඩ් ආසාදිතයින් 16 දෙනෙකු වාර්තා වන අතර, ඉන් 13 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන් වන අතර, නාවික හමුදාව තුළින් කොවිඩ් - 19 ආසාධිතයින් තිදෙනෙකු (03) වාර්තා වනවා. තවද, පුර්ණ සුවය ලබා 55 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ඉන් 23 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයන්වේ. නාවික හමුදාවේ රණවිරුවන් තිස් දෙදෙනෙකුද (32) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව නාවික හමුදාවේ කොව්ඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 885 දෙනෙකු වන අතර, ඉන් 740 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා PCR පරීක්‍ෂණ සිදු කර රෝහල්වලින් පිටව ගොස් ඇත. දැනට වීරෝදාර රණවිරුවන් 145 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. buy footwear | Air Jordan 1 Retro High OG University Blue - Gov