Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2020 13:50:28 Hours

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන ඉරාණ ජාතිකයන් නිරෝධායනයට යොමුකරන ලබන බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

UL-1282 දරණ මගී ගුවන් යානය මගින් අද (15) උදෑසන පකිස්ථානයේ සිට මගීන් 130 දෙනෙකු මෙරටට පැමිණි අතර, එහි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 58 දෙනෙකුද ඒ අතර වෙයි. ඉන් 51 දෙනෙකු යුද්ධ හමුදා සාමජිකයන් වන අතර, 7 දෙනෙකු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් වේ. එසේ පැමිණි ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

තවද, උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ රාජකාරී කටයුතු සඳහා ප්‍රධාන කොන්ත්‍රාත් සමාගමට අයත් ඉරාන ජාතිකයින් 89 දෙනෙකු අද (15) දින IR-5374 දරණ මගී ගුවන් යානය මගින් ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන ඔවුන් සියලු දෙනා කරඳගොල්ලේ පිහිටි විශේෂ නේවාසික කඳවුරක යුද්ධ හමුදාවේ අධීක්‍ෂණය යටතේ නිරෝධායන කටයුතු සඳහා යොමුකරනු ලැබේ.

අද (15) දින බ්‍රැන්ඩෙක්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් (08), සංග්‍රාමික පුහුණූ පාසැල අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් (29), හොටෙල් ෂෙල්ටන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් (07), 59 සේනාංක මූලස්ථාන පුහුණූ පාසල නිරෝධායන මධ්‍යස්ථානයෙන් (90) සහ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් (88) දෙනෙකු ඇතුළු පුද්ගලයින් 222 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 14,097 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (15) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක් තුළ පුද්ගලයින් 4,384 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී. අද (15) දින 1600 පැය වනවිට නාවික හමුදාව තුළින් කොවිඩ් - 19 ආසාධිතයින් කිසිවෙකුත් වාර්තා නොවන අතර, වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තිස් දෙදෙනෙකු (32) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව නාවික හමුදාවේ කොව්ඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 882 දෙනෙකු වන අතර, ඉන් 740 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා PCR පරීක්‍ෂණ සිදු කිරිමෙන් අනතුරුව රෝහල්වලින් අබැහැරවී ඇත. දැනට වීරෝදාර රණවිරුවන් 142 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. latest jordan Sneakers | NIKE AIR HUARACHE