Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2020 13:45:28 Hours

තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව කොවිඩ් 19 වෛරස පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි

අද (15) උදෑසන UL-1282 දරණ මගී ගුවන් යානය මගින් පකිස්ථානයේ සිට මගීන් 130 දෙනෙකු මෙරටට පැමිණි අතර, ත්‍රිවිධ හමුදාවන්ට අයත් 61 දෙනෙකුද ඒ අතර වේ. එසේ පැමිණි ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇති බව කොවිඩ් 19 වෙරසය පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි වෙනුවෙන් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ විසින් අද (15) දින උදෑසන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනු ලැබීය.

අද (15) දින බ්‍රැන්ඩෙක්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් (08), සංග්‍රාමික පුහුණූ පාසැල අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයෙන් (29), හොටෙල් ෂෙල්ටන් නිරෝධායන මධ්‍යස්ථානයෙන් (07), 59 සේනාංක මූලස්ථාන පුහුණූ පාසලේ නිරෝධායන මධ්‍යස්ථානයේ (90)ක් සහ පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් (88)ක් ඇතුළු පුද්ගලයින් 222 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 13,875 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (15) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක් තුළ පුද්ගලයින් 4,387 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී.

අද (15) දින උදෑසන 0600 පැය වනවිට නාවික හමුදාව තුළින් කොවිඩ් - 19 ආසාධිතයින් පස් දෙනෙකු (05) වාර්තා වී ඇත. තවද, විරෝදාර රණවිරුවන් සිව්දෙනෙකු (04) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව නාවික හමුදාවේ කොව්ඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 882 දෙනෙකු වන අතර, ඉන් 708 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා PCR පරීක්‍ෂණ සිදු කිරිමෙන් අනතුරුව රෝහල්වලින් බැහැරවී ඇත. මේවන විට වීරෝදාර රණවිරුවන් 174 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

අද (15) දින උදෑසන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කළ මාධ්‍ය ප්‍රකාශයේ හඩ පටය පහතින් දැක්වේ. bridgemedia | Trending