Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2020 13:10:28 Hours

දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,386 දෙනෙකු මේවන විට නිරෝධායන ක්‍රියාවලියේ නිරතව සිටින ඇති බව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

හෙට (15) දිනය තුළ UL-1282 දරණ මගී ගුවන් යානය මගින් පකිස්ථානයේ ලාහෝර් නුවර සිට මගීන් 156 දෙනෙකු මෙරටට පැමිණීමට නියමිත අතර, ත්‍රිවිධ හමුදාවන්ට අයත් 61 දෙනෙකු ද ඒ අතර සිටී. එසේ පැමිණෙන ඔවුන් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමුකිරීමට නියමිතව ඇති බව අද සන්ධයාවේ කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ වගේම, අද (14) දින සිට්රෙස් (Citrus) හොටෙල් වස්කඩුව (72) ක් සහ රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් (05) දෙනෙකු ඇතුළු පුද්ගලයින් 77 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණ සිදුකර තම නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත. ඒ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 13,692 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (14) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 4,386 දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටී. අද (14) දින 1600 පැය වනවිට නාවික හමුදාව තුළින් කොවිඩ් - 19 ආසාධිතයින් පස් දෙනෙකු (05) වාර්තා වී ඇත. තවද, විරෝදාර රණවිරුවන් සිව්දෙනෙකු (04) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව නාවික හමුදාවේ කොව්ඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 882 දෙනෙකු වන අතර, ඉන් 708 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා PCR පරීක්‍ෂණ සිදු කිරිමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගියහ. මේවන විට වීරෝදාර නාවික හමුදා රණවිරුවන් 174 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. latest Nike release | FASHION NEWS