Header

Sri Lanka Army

Defender of the Nation

20th May 2020 18:28:11 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාර්යක් ඉටුකරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් විෂබීජහරණය කිරීමේ රථයක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) රේණුක රොවෙල්, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් 4x4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමට අයත් තවත් කිහිපදෙනෙකුගේ සම්බන්ධීකරණයෙන් මනා ලෙස නිර්මාණය කරන ලද ජංගම විෂබීජහරණය කිරීමේ රථය කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා පසුගියදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී.

අයන්මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ වන එස්.ඒ.එම්. චන්ද්‍රසෝම මහතා මීට පෙරද විෂබීජ නාශක යන්ත්‍ර නිපදවූ අතර කොවිඩ්-19 වෛරසය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් ජංගම විෂබීජහරණය කිරීමේ රථයක් ලෙස වැඩිදියුණු කළ හැකි ඕනෑම භූමිය ගමන් කිරීමේ හැකියාවෙන් යුතු වාහනයක් භාවිතා කිරීම වඩාත් සුදුසු යන ජන සංකල්පය මත මෙම රථය නිෂ්පාදනය කළහ. මෙම කණ්ඩායම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ කටයුතුහි නියැලී සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා තාක්‍ෂණික හා ඉහළ ඵලදායිතාවයකින් යුතුව නිපදවන ලද මෙම රථය භාරදෙන ලදී.

පටු මාර්ගවල ගමන් කිරීමේ හැකියාව ඇති මෙම විෂබිජහරණය කිරීමේ රථය මගින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා විෂබිජහරණ කටයුතුවල නියැලෙන භටපිරිස්හි සම්බන්ධතාව අවම කරගැනීමට හැකියාව ඇති අතර ගමන් කිරීමට නොහැකි ප්‍රමාණයෙන් කුඩා ස්ථානයන් පවා විෂබිජහරණය කරගැනීමට දිගු නළයකින් ද මෙම රථය සමන්විත වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ භටපිරිස් පොදු ස්ථාන, දුම්රිය ස්ථාන ආදිය විෂබීජහරණය කිරීම සඳහා මේ වන විටත් මෙම රථය භාවිතා කරයි.

ශ්‍රී ලංකාවේ අයන්මෑන් 4x4 ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායම ස්වේච්ඡා සංවිධානයක් ලෙස බොහෝ ආපදා අවස්ථාවන්හිදී මෙන්ම මෙම හදිසි ආපදා තත්ත්වය තුලදී ද විශාල කාර්යභාරයක් ඉටු කරයි. Authentic Sneakers | Nike Shoes, Clothing & Accessories