Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2020 17:31:32 Hours

පූනානී නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් නිරෝධානය වූ තවත් 49 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 49 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සදුදා (20) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

එමෙන්ම කොළඹ සහ දුර බැහැර ප්‍රදේශයන්හී ගමනාන්තයන් පිහිටි තම නිවෙස් බලා පිටත් වූ නිරෝධායනයට ලක් වූ පිරිසට ප්‍රවාහන පහසුකම් ලබාදුන් යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස අතර සිටි කුඩා දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාර පාර්සල් මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.

නිරෝධායන කාලසීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හි අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. Running sport media | Air Jordan