Header

Sri Lanka Army

Defender of the Nation

19th April 2020 23:21:22 Hours

නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් නිරෝධානය වූ තවත් 63 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය නිවෙස් කරා පිටත් වෙති

යුද්ධ හමුදාව විසින් මෙහෙයවනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයන්හි සති තුනකට අධික කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් වූ පුද්ගලයින් 63 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (19) දින පෙරවරුවේ අදාළ වෛද්‍ය උපදෙස් හා නිරෝධායන සහතිකපත් ලබාගැනීමෙන් අනතුරුව සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

නිරෝධායනයට ලක් වූ එම පිරිසට සිය නිවෙස් පිහිටි ගම්බිම් බලා යෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදාව විසින් ලබාදෙන ලදී. මීට අමතරව, යුද්ධ හමුදා සාමාජිකයන් එම පිරිස අතර සිටි කුඩා දරුවන් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වමින් එම පිරිස් වෙත එම ගමන්වාරය තුළ පරිභෝජනයට ගැනීම වෙනුවෙන් කෙටි කෑම, දිවා ආහාරය මෙන්ම පිරිසිදු පානීය ජල බෝතල් ද ලබාදී තිබිණි.

නිරෝධායන කාලසීමාව සාර්ථකව නිම කිරීමෙන් පසු පිටත්ව යන පිරිසට සමුදීම සඳහා අදාළ නීරෝධායන මධ්‍යස්ථානයන්හි අණදෙන නිලධාරී ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ. Authentic Sneakers | Autres