Header

Sri Lanka Army

Defender of the Nation

17th March 2020 14:17:55 Hours

යුද්ධ හමුදාව දියතලාව නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථාන ලෙස වැඩිදියුණු කරන බව - ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී පවසයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් එක් හදිසි ප්‍රමුඛත්වයක් මත සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එක්සත් රාජධානියෙන් සහ වෙනත් රටවලින් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධානය කිරීම සඳහා නවතම නිරෝධායන මධ්‍යස්ථාන ලෙස දියතලාව පිහිටි සියලුම නිවාඩු නිකේතන වැඩිදියුණු කරන ලදී. මීට අමතරව, වවුනියාව, එචන්කුලම් ප්‍රදේශයේ වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ පිහිටි තවත් ගොඩනැගිලි පහක් යුද්ධ හමුදාව විසින් වැඩිදියුණු කරන ලද බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (16) දින පෙරවරුවේ පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

මේ අනුව දියතලාව පිහිටි නිවාඩු නිවාස සියලු පහසුකම්වලින් සමන්විතව වැඩිදියුණු කෙරෙණු ඇත. අද උදෑසන පැවැති රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් (මහජන සෞඛ්‍ය සේවා), වසංගත රෝග විද්‍යා පබා පලිහවඩන මහත්මීය, බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය හසිත් අත්තනායක සහ විශේෂඥ වෛද්‍ය (බෝවන රෝග) වෛද්‍ය එරංග නාරංගොඩ යන මහත්ම මහත්මීන්ද එක් වූහ.

මෙම සම්මුඛ සාකච්ඡාවට අදාළ සම්පූර්ණ විඩියෝව පහතින් දැක්වේ; latest jordans | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!