Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2020 17:44:37 Hours

යුද්ධ හමුදා දිවියෙන් නුදුරේදී විශ්‍රාමගැනීමට නියමිත ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරි හට යුද්ධ හමුදාධිපතිගේ සුභපැතුම්

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රමගැනීමට නියමිත ශ්‍රි ලංකා පාබල හමුදාවෙන් බිහිවු විශිෂ්ඨ නිලධාරීකෙු වන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ සේවය ඇගයුමට ලක් කිරීම වස් ඉකුත් සිකුරාදා (06) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කළ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාමයන ජ්‍යෙෂ්ඨ නිලධාරී වෙත සුභපැතුම් එක් කළේය.

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපති දශක තුනකට අධික නිකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරී, යුද්ධ හමුදාව වෙත කල මෙහෙවර පැසසුමට ලක් කර අතීත යුද බිමේ මතකයන් සහිපත් කරවමින් සුහදව අදහස් හුවමාරු කරගත්හ. තවද එතුමන් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කළ නැගෙනහිර පාස්කු ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා මාහැගි කාර්යභාරයක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

අනතුරුව එහිදි නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් යුද්ධ හමුදාධිපති, තමන් වෙත දැක්වූ කෘතඥතාවයට සිය ස්තූතිය පුද කළේය. මෙම සුහද හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ සේවය ඇගයුමට හා ප්‍රසංශාවට ලක් කරමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය. Authentic Sneakers | Nike