Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2020 15:05:04 Hours

තම දූ දරුවන්ට සරසවී වරම් හිමි කර ගැනීමට ශක්තියක් වූ දිරිය මවුවරුන්ට උපහාර පිදේ

(මාධ්‍ය නිවේදනය)

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, රණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ පිරිස් පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලය එක්ව යුද්ධයෙන් දිවිපිදූ වීරෝධාර රණවිරු භාර්යාවන් 132 නෙකු සිය දූ දරුවන් වෙනුවෙන් කළ කැපකිරීම අගයනු වස් ‘වීර්ය මාතා’ දිරිය මව්වරුන්ට උපහාර පිදීමේ උත්සවය එළඹෙන බ්‍රහස්පතින්දා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ ද මඟපෙන්වීම මත පැවැත්වෙන මෙම උත්සවයේදී සිය ස්වාමියා අහිමිවීමෙන් පසු ධෛර්යයෙන් යුතුව දූ පුතුන් ඇති දැඩි කරමින් නිසිමඟ පෙන්වා අනතුරුව එම දුවා දරුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරා යොමු කරන්නට ජීවිතයම කැප කළ අප්‍රතිහත ධෛර්යයෙන් යුතු දිරිය මව්වරුන් ඇගයීම මෙන්ම ඔවුන් වෙත සම්මාන සහතික සහ විශේෂ ත්‍යාගයන් පිරිනැමීමට මෙම උත්සවයේදී කටයුතු සූදානම් කොට ඇත. විශ්වවිද්‍යාල වරම් ලද දුවා දරුවන් අතර වෛද්‍ය නිලධාරින්, ඉංජිනේරුවන්, නීතීඥයින්, ගණකාධිකාරීවරුන්, පරිපාලකයින්, කලාකරුවන්, ව්‍යවසායකයින්, ගුරුවරුන්, උපදේශකයින්, තොරතුරු තාක්‍ෂණ විද්‍යාඥයින් මෙන්ම විද්‍යාඥයින් ආදී සකලවිධ කුසලතාවයන්ගෙන් යුත් විද්වතුන් රැසක් වේ.

රටදැය වෙනුවෙන් දිවි පුදකළ රණවිරු ස්වාමි පුර්ෂයන් ඇවෑමත් සමඟින් ජීවිතයෙහි සියළු වගකීම් දරා ගනිමින් ඉතා කටුක මෙන්ම දුෂ්කරතාවයන් මධ්‍යයේ ඇතිදැඩි කළ දුවා දරුවන්ගේ අධ්‍යාපන කඩඉම කරා නංවන්නට කැප වූ එම දිරිය මාතාවන් මෙම සුවිශේෂි උත්සවයේදී ප්‍රනාමයට ලක් වීමට නියමිතය.

මෙහිදී, එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ශවේන්ද්‍ර සිල්වා සමඟින් සුජීවා නෙල්සන් මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහභාගී වන අතර යුද්ධයෙන් මියගිය වීරෝධාර රණවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් විනාඩියක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව උත්සවයෙහි කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම ඉන් අනතුරුව සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් අදාළ දිරිය මවුවරුන් වෙත ගරු සම්මාන බුහුමන් පිදීමට නියමිතව ඇත.

දිරියමාතා උපහාර පිරිනැමීමේ උත්සවයෙන් අනතුරුව ‘ජාත්‍යන්තර කාන්තා දිනයේ’ වැදගත්කම පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත අතර සිංහ සමාජයේ අනුග්‍රහයෙන් අදාළ දිරිය මවුවරුන් වෙත පරිත්‍යාග සිදුකිරීමට ද සියළු කටයුතු සූදානම් කර තිබේ. මෙම අවස්ථාව සඳහා කාන්තා සෙබලියන් මෙන්ම අනෙකුත් ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද සහභාගී වීමට නියමිතය. (නිමාව) Sneakers Store | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov