Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2020 15:12:20 Hours

ප්‍රභූ ප්‍රවේශය සමගින් ‘ලායා සෆාරි’ හෝටලය ‘ආදරණීය අමුත්තන්ගේ සම්මානය 2020’ හිමිකරගනී

සංචාරකයින් සඳහා පහසුවෙන් සෙවිය හැකි දත්ත පදනමක් සපයන ඔන්ලයින් ට්‍රැවල් නියෝජිතයින්ගේ (Online Travel Agents) නිර්දේශය මත ලකුණු 10 න් 8.6 ක ශ්‍රේණිගත කිරීමක් සමඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන ආගන්තුක සත්කාර සැපයුම්කරු වන යාල, පලටුපාන පිහිටි ‘ලායා සෆාරි’ හෝටලය ‘ආදරණීය අමුත්තන්ගේ සම්මාන 2020’ පිදුම් ලැබීය.

Expedia, Agoda, Booking.com (එක්ස්පීඩියා, ඇගෝඩා, බුකින්.කොම්) ‘වැනි වඩාත් ජනප්‍රිය සංචාරකයින්ගේ වෙබ් අඩවි සහ Priceline (ප්‍රයිස් ලයින්) යනාදිය හරහා ලොව පුරා බොහෝ වෙන් කිරීම් සිදු කර ඇති අතර ඒවායේ ඉහළම ලැයිස්තුගත නිවාඩු නිකේතනයක් ලෙස යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ‘ලායා සෆාරි’ හෝටලය ශ්‍රේණිගත කර ඇත. Expedia.com (එක්ස්පීඩියා.කොම්) පෙන්වාදෙන පරිදි පසුගිය වසර කිහිපය තුළ ගනුදෙනුකරුවන් සඳහා වඩාත්ම ජනප්‍රිය නිවාඩු නිකේතන තේරීමක් ලෙස ‘ලායා සෆාරි’ හෝටලය ශ්‍රේණිගත වී ඇත.

‘ආදරණීය අමුත්තන්ගේ සම්මාන 2020’ යනු එම නිවාඩු නිකේතනයට පැමිණෙන ආගන්තුකයින් ඉතා තෘප්තියට පත් කරන ලද ආගන්තුක සේවාවක් හරහා ඉහළම ප්‍රමිතීන් පවත්වා ගනිමින් ‘ලායා සෆාරි’ සමුහය විසින් ලබාගත් ජයග්‍රහණයකි.

මේ අනුව, 2020 වර්ෂය සඳහා දිවයින පුරා පිහිටි තවත් හෝටල් 35 කට සමගාමීව මෙම සම්මානය ප්‍රදානය කර ඇති අතර සම්මාන ප්‍රදානය ළඟදීම පැවැත්වෙන බව ‘ලායා සෆාරි’ හි සාමාන්‍යාධිකාරී කර්නල් ලලිත් හෙවා මහතා ප්‍රකාශ කර තිබිණි.

මෙම සම්මානය ලබාගත් බව දැනගැනිමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘ලායා සෆාරි’ හෝටලයේ කළමනාකාරිත්වයට සිය සුබ පැතුම් පිරිනැමූ අතර ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුභාෂිංශනයන් එක් කළේය. 

වත්මන්, ‘ලායා සෆාරි’ වෙන්කරවාගැනීම් වලින් 40% කට අධික ප්‍රමාණයක් ‘ඔන්ලයින් ට්‍රැවල්’ නියෝජිත ක්‍රමයට සිදුවන අතර 52% ක වෙන්කරගවාගැනීම් ප්‍රමාණයක් සිදුවන්නේ ඉහත සඳහන් වෙබ් අඩවිය භාවිතයෙනි. Hotels.com හි අලෙවිකරණ කළමනාකරු විසින් කරන ලද නිල දැනුම් දීමේ පිටපතක් සහ සුබ පැතුම් පණිවිඩයක් පහත දැක්වේ;

“අපගේ ගෞරවනීය හා ආගන්තුක ශ්‍රේණිගත කිරීම්වලින් එකක් වන Hotels.com වෙතින් ලකුණු 8.6 ක ප්‍රමාණයක් ලබාගෙන “සංචාරක ආගන්තුක සත්කාරයට ලැදි” තරඟාවලියේදී ලායා සෆාරි හෝටලය සම්මාන හිමිකරගෙන ඇති බව සතුටට කරුණකි. Expedia තුළ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබ ලබා දී ඇති සියලු සහයෝගය සහ ආගන්තුකයින් තෘප්තිමත් කිරීම සඳහා ඔබේ කාර්ය මණ්ඩලය දරන උත්සාහය ඉතා සාර්ථකය. මෙය තෘප්තිමත් සංචාරක හා පාරිභෝගික සේවයක් සනාථ කර ඇති තෝරාගත් හෝටල් සඳහා පමණක් පිරිනමන සම්මානයකි.”

“මේ වන විට ලායා සෆාරි “ප්‍රභූ ප්‍රවේශය” යන ගෞරව නාමය දරණ Expedia (එක්ස්පීඩියා) නිර්දේශිත හෝටලයකි.” මෙය මුළු දිවයින තුළම තෝරාගත් හෝටල් කිහිපයකට පමණක් හිමිවන අවස්ථාවකි. මෙම වැඩසටහන තුළ ක්‍රියාකාරීව සිටින ඔබගේ හෝටලය වෙන් කරවා ගන්නා අපගේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගිකයින්ට අපි ඉතා තෘප්තිමත් ආගන්තුක සත්කාරයක් සමඟින් විශිෂ්ඨ පාරිභෝගික සේවාවක් ලබා දෙන්නෙමු.

මෙම සම්මානය පහත දැකගත හැකි අතර විස්තර සඳහා එහි වෙබ් අඩවිය වෙත යොමුවිය හැක. ඔබට හිමි සම්මානය නුදුරේදීම ඔබට භාරදීමට අප කටයුතු කරන්නෙමු.” පණිවිඩය එසේ අවසන් විය.

වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිත කළ හැක. 047-223 9851 047-223 9852 047-362 5151 077 382 6909   Sport media | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos