Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2020 10:49:18 Hours

බුද්ධි අංශ තොරතුරකට අනුව ‘අයිස්’ නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ සන්නද්ධ බුද්ධි බලකා භටපිරිස් එක්ව උපාය දූතයෙකු යොදවා ඉකුත් ඉරිදා (01) දින පස්වරු 4.45 ට පමණ කිලිනොච්චි, ඉරණමඩු හංදිය ප්‍රදේශයේ මෙහෙයුමකදී සැකකරුවෙකු (25) සමඟ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 65 ක් අත්අඩංගුවට ගැනීමට සමත්විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු මෙම භටපිරිස් ප්‍රදේශයේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය අලෙවි කරන තරුණයෙකු පිළිබඳ ලද තොරතුරු මත මෙම සැකකරු හඹා ගියහ. අයිස් මත්ද්‍රව්‍ය විකිණිම සඳහා සිය වාහනයෙන් ඉරනමඩු හන්දියට පැමිණි මෙම තරුණයා අත්අඩංගුවට ගත් භටපිරිස් කිලිනොච්චි පොලිස් ස්ථානය වෙත එම සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය භාරදුන්හ.

උතුරු පළාතේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවී ඇති බවට වාර්තාවීමත් සමඟ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ අධීක්‍ෂණය යටතේ මෙම ජාතික උවදුර පිළිබඳව නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදුකර නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගනු ලබයි. Running sports | Nike Off-White