Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2020 15:20:59 Hours

ප්‍රමුඛ පෙළේ ආරක්‍ෂක ප්‍රධානීන් ඉන්දියානු ආරක්‍ෂක නිෂ්පාදන පිළිබඳ දැනුවත් වෙයි

ඉන්දියානු ප්‍රමුඛ පෙළේ ආරක්‍ෂක උපකරණ නිෂ්පාදන සමාගම්වල ප්‍රවර්ධනය වෙමින් පවතින නිෂ්පාදනයන් ප්‍රදර්ශණය කිරීමේ වැඩමුළුවක් අද (28) දින උදෑසන ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාව නියෝජනය කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරින්, නියෝජ්‍ය ආරක්‍ෂක ලේකම් පී.බී.එස්.සී නෝනිස් මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.

මෙහිදී, සීමාසහිත භාරත් ඉලෙක්ට්‍රොනික් සමාගම (Bharat Electronics Ltd), සීමාසහිත ගොයා ෂිප්යාර්ඩ් සමාගම (Goa Shipyard Ltd), ගාඩ්න් රිච් නෞකා ඉදිකිරීමේ ඉංජිනේරු සමාගම (Garden Reach Shipbuilders & Engineers Ltd), සීමාසහිත සෙන් ටෙක්නොලොජීස් සමාගම (ZEN Technologies Ltd), සීමාසහිත එස්.එම්.පී.පී සමාගම (SMPP Pvt Ltd), සීමාසහිත භාරත් ෆෝර්ජ් සමාගම (Bharat Forge Ltd), සීමාසහිත එම්.කේ.යූ සමාගම (MKU Ltd), අශෝක් ලේලන්ඩ් සමාගම (Ashok Leyland) සහ සීමාසහිත ලාර්සන් සහ ටූබ්‍රෝ සමාගම (Larsen & Toubro Ltd) ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් දහයකට වැඩි ගණනක් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ඇතුළු ශ්‍රී ලංකා පොලීසියට අදාළව එම සමාගම් මඟින් නිෂ්පාදනය කරන ලද ආරක්‍ෂක නිෂ්පාදනයන් මෙම වැඩමුළුව හමුවේ ප්‍රදර්ශණය කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක අංශය විසින් සංවිධානය කරනු ලැබූ මෙම වැඩමුළුවේ දෙවන කොටසේදී එක් එක් සමාගම්වල නිෂ්පාදනයන් පිළිබඳව සවිස්තරාත්මක කෙටි හැඳින්වීමක් සිදුකරනු ලැබූ අතර ඉන් අනතුරුව, ඉන්දීය නියෝජිතයින් සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් නියෝජනය කරමින් සහභාගී වූවන් අතර එම නිෂ්පාදනයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා ද විය.

මෙම වැඩමුළුව සඳහා ත්‍රිවිධ හමුදාවන්, ආරක්‍ෂක අමාත්‍යාංශය, පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් නිලධාරීන් 100 කට වැඩි පිරිසක් සහභාගී වූහ. මෙම වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවේ දී ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් අශෝක් රාඕ (Ashok Rao) විසින් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කරනු ලැබීය. Buy Kicks | Men’s shoes