Header

Sri Lanka Army

Defender of the Nation

29th February 2020 10:49:18 Hours

කිලිනොච්චි භටපිරිස් විසින් කිලෝග්‍රෑම් 323 ක අතිවිශාල ගංජා තොගයක් සොයාගනී

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් 66 වන සේනාංක බලප්‍රදේශයේ පිහිටි 663 වන බලසේනාව යටතේ ඇති 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස්, සන්නද්ධ බුද්ධි බළකා සාමාජිකයින් සමඟ එක්ව මෑතකාලීනව සොයාගනු ලැබූ විශාලතම කේරළ ගංජා තොගය වශයෙන් සැලකිය හැකි කේරළ ගංජා කිලෝග්‍රෑම් 323ක් ඉකුත් සෙනසුරාදා (29) දින ජයපුරම්, වෙරාවිල් ප්‍රදේශයේ දී පල්ලවරායන්කඩ්ඩු දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිබී අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ භටපිරිස් වෙතින් ලැබුණු හමුදාමය බුද්ධි තොරතුරු මත 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ‘බී’ කණ්ඩායමේ භටපිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් සමඟ එක්ව මෙම සැක සහිත ලොරි රථය (අශෝක් ලේලන්ඩ්) පරික්‍ෂා කරනු ලැබූ අතර එහිදී, සූක්‍ෂම ලෙස ඇසුරුම් කර තිබූ ගංජා පාර්සල් තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

යුද්ධ හමුදා සාමාජිකයින් විසින් අදාළ ගංජා තොගය සහ ලොරි රථය මෙන්ම එය පදවන ලද සැකකාර රියදුරා ද අත්අඩංගුවට ගෙන එම ප්‍රදේශයට ආසන්නයේම පිහිටි ඉරණමඩු විශේෂ බළකාය වෙත භාරදෙන ලදී. ඉන් අනතුරුව වැඩිදුර පරික්‍ෂණ සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඔවුන් ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදෙනු ලැබීය.

කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්නගේ උපදෙස් පරිදි 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩී. විජේසුන්දර සහ 663 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.එල්.එස්.එස් ලියනගම ගේ අධීක්‍ෂණය මත ආරක්‍ෂක හමුදා සාමාජිකයින් විසින් ක්‍රිාත්මක කරන ලදී.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා භටපිරිස් ශ්‍රී ලංකා රජය මේ වන විට ක්‍රියාත්මක කරනු ලබන ‘මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ’ වැඩසටහන ජාතික මෙහෙවරක් වශයෙන් සලකමින් ඒ සඳහා උපරිම සහයෝගය ලබාදෙන අතර ඒ අනුව දිවයින පුරා මත්දව්‍ය ප්‍රවාහනය/භාවිතය/විකිණීම පිළිබඳව සෝදිසි මෙහෙයුම් දැඩිව ක්‍රියාත්මක කර නීතිය ක්‍රීයාත්මක කිරීම සඳහා කැපවනු ඇත. jordan release date | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth