Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2020 17:20:59 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහෝදර සේවාවන් සමඟ එක්ව ‘සෞභාග්‍යයේ දැක්ම’ රැකියා ප්‍රවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක නියැළෙයි

(මාධ්‍ය නිවේදනය)

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි දිවයින පුරා සිටින යුද්ධ හමුදා නිලධාරි මේ වන විට දිස්ත්‍රික්/ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් සමග සහයෝගයෙන් කටයුතු කරමින් දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල්වල රැකියා අපේක්‍ෂකයින් ලක්‍ෂයකට ආසන්න පිරිසකට රැකියා ලබාදීම වෙනුවෙන් සුදුස්සන් තෝරාගැනීම සඳහා අවශ්‍ය සම්මුඛ පරික්‍ෂණ මෙහෙයවනු ලබති.

මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ඇති දිස්ත්‍රික් / ප්‍රාදේශීය ලේකම් කාර්යාල 304 ක් ආවරණය වන පරිදි ඉකුත් බදාදා (26) ආරම්භ කරන ලද අතර අදාළ සම්මුඛ පරික්‍ෂණ මෙම සෙනසුරාදා (29) දින අවසන් වේ. එමෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත් පාලන අමාත්‍යංශය, ජනාධිපති බහුකාර්ය සංවර්ධන කාර්යසාධන බළකායේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

අදාළ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩල ප්‍රධාන වශයෙන් අදාළ ලේකම් කාර්යාලවල ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකුගේ ප්‍රධානත්වයෙන්, යුද්ධ, නාවික, ගුවන් හමුදා සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරී මණ්ඩලයකින් සමන්විත වන අතර, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්‍ධ හමුදා‍ධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ලබා දුන් උපදෙස් මත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් එච්.පී. සෙනෙවිරත්න විසින් මීට අදාළ සියළු උපදෙස් දිවයින පුරා ඇති ආරක්‍ෂක සේනා මූලස්ථාන වෙත ලබා දී තිබේ.

මේ අනුව, ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින සන්ධ්‍යාවේදී අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය, වන්නි, නැගෙනහිර, කිලිනොච්චි, මුලතිව්, බටහිර සහ මධ්‍යම ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුක්ත යුද හමුදා නිලධාරීන් සහභාගි වන ලද සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 1085 ක් පෙබරවාරි 26 සිට 27 දෙදින තුළ වූ කාලසීමාව තුළ අයදුම්කරුවන් 114,421 දෙනෙකුට අදාළ සම්මුඛ පරීක්‍ෂණ වලට භාජනය කර අවසන් කර තිබිණි.

එම සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දුන්, රැකියා අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් අවුරුදු 18 - 45 ත් අතර වයස් සීමාවල පසුවන 8 වන ශ්‍රේණිය දක්වා පමණක් අධ්‍යාපනය ලද අයදුම්කරුවන් ලෙස විවිධ කාණ්ඩයන් යටතේ රැකියා අවස්ථාවන් සඳහා තෝරාගනු ලැබීය. ඒ අනුව, පවුලේ කිසිදු සාමාජිකයෙකු රාජ්‍ය සේවයේ නොයෙදෙන මෙන්ම සමෘද්ධි ප්‍රතිලාභයන් නොලබන අයවළුන්ද, නව යොවුන් වියේ පසුවන දරුවන් සිටින වැන්දඹුවන් මෙන්ම ආබාධිත පුද්ගලයින් සිටින පවුලක සාමාජිකයන් හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ද, දැඩි ලෙස රෝගාතුර වූ දෙමව්පියන් සිටින මෙන්ම පවුලේ ආදායම මසකට රුපියල් 5000 කට වඩා අඩු සාමාජිකයන්ද සමාජ සේවා හෝ ක්‍රීඩා කටයුතුවල නියැලී සිටින අනෙකුත් රැකියා අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ද මෙම සම්මුඛ පරික්‍ෂණයන් වෙනුවෙන් මුහුණ දුන්හ.

මෙම රැකියා ව්‍යාපෘතිය ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් පූර්ණ වශයෙන් සැලසුම් කර ඇති බැවින් අපේක්ෂා කරන පරිද්දෙන් ඒ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය විසින් එම රැකියා අවස්ථාවන් පිරිනැමීම වෙනුවෙන් වඩාත් සුදුසු මෙන්ම දැඩි ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ ජීවිකාව සිදුකරන පුද්ගලයින් තෝරා ගැනීමේ ඇති වැදගත්කම ජනාධිපතිතුමන්ගේ තවත් සංකල්පයක් මත අවධාරණයට ලක්කර ඇත.

මේ අනුව ඉකුත් දෙදින තුළ එනම්,පෙබරවාරි මස 26 සහ 27 දින දක්වා වූ කාල සීමාව තුළ මුළු දිවයිනම ආවරණය වන පරිද්දෙන් පවත්වන ලද සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩල වෙනුවෙන් රැකියා අපේක්‍ෂිත අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් විසින් යොමුකරන ලද අයදුම්පත් 552,228 ක් ලැබී තිබිණි. (නිමාව) affiliate tracking url | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov