Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2020 18:34:10 Hours

වී මිලදී ගැනීමට අවශ්‍ය පූර්ණ සහය යුද්ධ හමුදාව සපයයි

යුද්ධ හමුදාවේ සහය සහ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ලබන වී මිලදී ගැනීමේ වේගවත් ව්‍යාපෘතියේ නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින සන්ධ්‍යාව වන විට රුපියල් 512,234,500.00 ක වටිනාකමකින් යුත් වී තොග කිලෝග්‍රෑම් 10,244,690 ක් යුද්ධ හමුදාව මඟින් මිලට ගෙන ඇත.

මේ අනුව ඉකුත් කාල සීමාව තුළ වී අලෙවිකරණ මණ්ඩලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා ‘කීරි සම්බා’, ‘රතු නාඩු’, ‘සුදු නාඩු’ සහ ‘රතු දිග නාඩු’ ආදී වී ප්‍රභේදයන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත් වී ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝග මත යාපනය, වන්නි, නැගෙනහිර, කිළිනොච්චි, මුලතිව් සහ බටහිර යන ආරක්‍ෂක සේනා මූලස්ථානවල සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් මේ වන විට මහා කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා සම්බන්ධීකරණ කටයුතුවල හා අවශ්‍ය පහසුකම් සැපයීමෙහි සම්බන්ධීකරණ කටයුතු වල නිරතව සිටින අතර වී මිලදී ගැනීමේ කටයුතු දිවයින පුරා පිහිටි වී අලෙවිකරණ මණ්ඩලයේ ශාඛා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක කරනු ලැබේ.

විවිධ වංචනිකයන්ට ගොදුරු වීමට ඉඩ නොදී අදාළ ගොවීන්ගේ වී අස්වැන්න සෘජුවම මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් අදාළ ව්‍යාපෘතිය කඩිනමින් සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය සහය යුද්ධ හමුදාව වෙතින් සපයන ලෙස කරන ලද ඉල්ලීමක් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නඟා තිබිණි.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය, වන්නි, නැගෙනහිර, කිළිනොච්චි, මුලතිව් සහ බටහිර ඇතුළු පළාත්වල වී වගා කරන ප්‍රදේශයන්හී අදාළ බලධාරීන්ගේ සහයෝගයෙන් අදාළ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා බ්‍රිගේඩියර් අයි.පී. කන්දනආරච්චි පත් කර තිබිණි. Running Sneakers Store | Releases Nike Shoes