Header

Sri Lanka Army

Defender of the Nation

25th February 2020 16:34:20 Hours

සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් දිවයිනෙන් නික්මයයි

සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඇතුළු හයදෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිස දින පහක සුහද සංචාරය අවසන් කරමින් අද (26) දින උදෑසන දිවයිනෙන් නික්ම ගියහ.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට අඛණ්ඩ සහයෝගයක් ලබාදෙන බවට සහතික වෙමින් සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියේය.

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ගුවන් තොටුපලේදී, සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරය අල්ලා ගනු ලැබූ ඡායාරූප ඇල්බයක් එතුමන් වෙත ප්‍රදානය කළේය.

දිවයිනෙන් නික්මගිය එම දුත පිරිස සිය සංචරයේදී ආරක්‍ෂක ලේකම්, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් හමුවූ අතර දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සහ සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ද සංචාරය කළහ.

දිවයිනෙන් නික්ම යන සැම්බියානු යුද්ධ හමුදාධිපති ඇතුළු නියෝජිත පිරිසට ගුවන්තොටුපලේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න විසින් සිය සුබපැතුම් එක් කළහ.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ආරාධනයකට අනුව සැම්බියානු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ (Lieutenant General W.M Sikazwe) පෙබරවාරි මස 21 වන දින ශ්‍රී ලංකාවට පැමිණියේය. Sports Shoes | Best Selling Air Jordan 1 Mid Light Smoke Grey For Sale 554724-092